ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 19න් මන්ත්‍රී ආසන 16ක්ම හිමිව ඇත්තේ ජාතික ජනබලවේගයට යි.
සමගි ජනබලවේගයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන 3ක් හිමිව තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ජාතික ජනබලවේගයට මන්ත්‍රී ආසන 14ක් හිමිවූ අතර සමගි ජනබලවේගයට මන්ත්‍රී ආසන 4ක් හිමිවුණා.
කළුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 11න් මන්ත්‍රී ආසන 8ක්ම හිමිකර ගැනීමට සමත්ව ඇත්තේ ජාතික ජනබලවේගය යි.
සමගි ජන බලවේගය මන්ත්‍රී ආසන 2ක් හිමිකර ගෙන ඇති අතර නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ එක් මන්ත්‍රී ආසනයක් හිමිකර ගෙන තිබුණා.
ගාල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 9න් 7ක්ම ජාතික ජන බලවේගය හිමිකර ගැනීමට සමත් වු අතර සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදු පෙරමුණ එක් මන්ත්‍රී ආසනය බැගින් හිමිකර ගත්තා.
මාතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 7න් 6ක බලය ජාතික ජන බලවේගයට හිමිවුණා.
සමගි ජන බලවේගයට එක් මන්ත්‍රී ධුරයක් මාතර දිස්ත්‍රික්කයෙන් හිමිව තිබුණා.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 5ක් ජාතික ජන බලවේගයට හිමිවූ අතර සමගි ජන බලවේගයට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් මන්ත්‍රී ධුරයක් හිමිවුණා.
රත්නපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 11න් 8ක්ම හිමිකර ගැනීමට ජාතික ජන බලවේගය සමත්ව තිබෙනවා.
සමගි ජන බලවේගයට ද මන්ත්‍රී ආසන 3ක් හිමිවුණා.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයට මන්ත්‍රී ආසන 7ක් හිමිවූ අතර සමගි ජන බලවේගයට මන්ත්‍රී ආසන 2ක් හිමිව තිබුණා.
බදුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 9න් 6ක් හිමිකර ගැනීමට සමත්ව ඇත්තේ ජාතික ජන බලවේගය යි.
සමගි ජන බලවේගයට මන්ත්‍රී ආසන 2ක් සහ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට එක් මන්ත්‍රී ආසනයක් බැගින් හිමිව තිබෙනවා.
පුත්තලම දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 8න් 6ක් හිමිකර ගැනීමට ජාතික ජන බලවේගය සමත් වු අතර ආසන 2ක් සමගි ජන බලවේගයට හිමිවුණා.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 15න් 12ක්ම ජයග්‍රහණය කිරීමට ජාතික ජන බලවේගයට හැකියාව ලැබුණා.
සමගි ජන බලවේගයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් හිමිව ඇති මන්ත්‍රී ආසන සංඛ්‍යාව 3ක්.
අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගයට මන්ත්‍රී ආසන 7ක් හිමිව ඇති අතර සමගි ජනබලවේගයට මන්ත්‍රී ආසන 2ක් හිමිවුණා.
මහනුවර දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගය මන්ත්‍රී ආසන 9ක් හිමිකර ගැනිමට සමත්ව තිබෙනවා.
සමගි ජන බලවේගයට මන්ත්‍රී ආසන 2ක් සහ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට එක් මන්ත්‍රී ආසනයක් මහනුවර දිස්ත්‍රික්කයෙන් හිමිවුණා.
මාතලේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 5න් 4ක් හිමිකර ගැනීමට ජාතික ජන බලවේගය සමත් වු අතර සමගි ජන බලවේගයට එක් මන්ත්‍රී ආසනයක් හිමිව තිබෙනවා.
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ජාතික ජනබලවේගය මන්ත්‍රී ආසන 5ක් හිමිකර ගැනීමට සමත්වුණා.
සමගි ජන බලවේගයට මන්ත්‍රී ආසන 2ක් සහ එක්සත් ජාතික පක්ෂයට එක් මන්ත්‍රී ආසනයක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් හිමිව තිබුණා.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධුර 2ක් ද සමගි ජන බලවේගයට එක් මන්ත්‍රී ධුරයක් ද, ඉලංකෙයි තමිල් අරසු පක්ෂයට එක් මන්ත්‍රී ධුරයක් ද හිමිව තිබුණා.
මඩකලපුව දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 5න් 3ක් ජයග්‍රහණය කිරීමට ඉලංකෙයි තමිල් අරසු පක්ෂය සමත් වු අතර ජාතික ජන බලවේගයට එක් මන්ත්‍රී ධුරයක් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කෙංග්රසයට එක් මන්ත්‍රී ධුරයක් හිමිවුණා.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 5න් 4ක්ම ජය ගැනීමට ජාතික ජන බලවේගය සමත්ව වුණා.
සමගි ජන බලවේගයට පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් එක් මන්ත්‍රී ධුරයක් හිමිවුණා.
වන්නි දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 6න් 2ක් හිමිකර ගැනීමට ජාතික ජන බලවේගය සමත්වු අතර සමගි ජන බලවේගය එක් මන්ත්‍රී ධුරයක් ද, ඉලංකෙයි තමිල් අරසු පක්ෂයට එක් මන්ත්‍රී ධුරයක් ද හිමිව තිබෙනවා.
ශ්‍රී ලංකා කම්කරු පක්ෂයට එක් මන්ත්‍රී ධුරයක් සහ ප්රජාතන්ත්රවාදී දෙමළ ජාතික සන්ධානයට එක් මන්ත්‍රි ධුරයක් ද වන්නි දිස්ත්‍රික්කයෙන් හිමිවුණා.
යාපනය දිස්ත්‍රික්කයෙන් ද මන්ත්‍රී ධුර 3ක් හිමිකර ගැනීමට ජාතික ජන බලවේගය සමත්වු අතර ඉලංකෙයි තමිල් අරසු පක්ෂය එක් මන්ත්‍රී ධුරයක් ද හිමිකර ගත්තා.
ස්වාධීන කණ්ඩායම් අංක 17ට යාපනය දිස්ත්‍රික්කයෙන් එක් මන්ත්‍රී ධුරයක් සහ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයට එක් මන්ත්‍රී ධුරයක් හිමිවුණා.
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගය පක්ෂයට ආසන 4ක් හිමිවු අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ ඉලකෙයි තමිල් අරසු යන පක්ෂ එක් ආසනය බැගින් හිමිකර ගෙන තිබෙනවා.