27 C
Colombo
Monday, April 7, 2025

අද සිට වැස්ස වැඩි වෙන හැටි

- Advertisement -

දිවයිනේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කවල අද (10) සිට ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථාන වලට මි.මි. 75ට වැඩි තරමක තද වැසි ද බලාපොරොත්තු වේ.

තවද බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

එමෙන්ම,  උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී. 30-40ත් අතර තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් දැනුම් දෙනවා.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ඒ අනුව, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

ට්‍රම්ප්ගේ බදු ගැහිල්ලට හර්ෂගෙන් යෝජනාවක්

ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රශ්නයෙන් ගොඩ යෑම සඳහා ශ්‍රී ලංකාව කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය (Regional Corporation economic partnership – RCEP ) වෙත ඇතුළත් විය යුතු බව...

තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් තැපෑලට

පළාත් පාලන ආයතන 114කට අයත් තැපල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් තැපැල් දෙපාර්තමේන්තුවට අද (07) දිනයේ භාරදීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති...

හවසට මි.මී 100ට වැඩි තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන...

POPULAR ARTICLES

ට්‍රම්ප්ගේ බදු ගැහිල්ලට හර්ෂගෙන් යෝජනාවක්

ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රශ්නයෙන් ගොඩ යෑම සඳහා ශ්‍රී ලංකාව කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය (Regional Corporation economic partnership – RCEP ) වෙත ඇතුළත් විය යුතු බව...

තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් තැපෑලට

පළාත් පාලන ආයතන 114කට අයත් තැපල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් තැපැල් දෙපාර්තමේන්තුවට අද (07) දිනයේ භාරදීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති...

ට්‍රම්ප් නිසා කෝපිවලටත් බලපෑම්

ගෝලීය කෝපි මිල වාර්තාගත ලෙස පහත වැටී තිබෙනවා. ඒ, අමෙරිකාව පැනවූ නව තීරු බදු හේතුවෙන්. ලොව ප්‍රමුඛතම කෝපි නිෂ්පාදකයා වන වියට්නාමයට පනවා ඇති තීරු බදු ප්‍රතිශතය...