සිය ලෝක කුසලාන ගමනට සුපිරි ආරම්භයක් ලබා ගැනීමට ප්‍රබල ස්පාඤ්ඤය සමත් වුණා.
ඒ කොස්ට රීකා සමග පැවති තරගය 7 – 0 ක දැවැන්ත ජයක් ලබමින්.
2010 ලෝක ශුරයින් තරගයේ 11 වැනි මිනිත්තුවේදී ගෝල ලබා ගැනීම ආරම්භ කර එම රිද්මය තරගයේ අවසන් මිනිත්තුව තෙක්ම පවත්වා ගත්තා.
එහිදී Ferran Torres ගෝල ද්විත්වයක් ලබා ගන්නට සමත් වුණා.
වයස අවුරදු 18 දින 110ක් වන Gavi ඉතිහාසයට එක් වුණේ ස්පාඤ්ඤය වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලියක ගෝලයක් ලබා ගත් ලාබාලතමයි ලෙසයි.
එමෙන්ම 1958 බ්‍රසීලයේ Pele ට පසු ලෝක කුසලාන තරගාවලියක ගෝලයක් ලබා ගත් ලාබාලතමයා ලෙසද Gavi ඉතිහාස ගතවනවා.
මෙම තරගයේ සමස්ත කාලයෙන් සියයට 82ක් පුරාම පන්දුව පැවතියේ ස්පාඤ්ඤය සතුව වන අතර එකදු හෝ ගෝල ලබා ගැනීමේ උත්සාහයක් දැරීමට කොස්ට රීකා ක්‍රීඩකයින් අසමත් වුණා.