28.2 C
Colombo
Sunday, March 30, 2025

හිටපු හමුදාපතිවරුන්ට දැමූ සම්බාධක ගැන හියුමන් රයිට්ස් වොච් සංවිධානයෙන් ප්‍රකාශයක්

- Advertisement -

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති සමයේ සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය වීමේ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රී ලංකා රජය පියවර නොගන්නා තාක්කල් යුක්තිය පසඳලීම සඳහා ජාත්‍යන්තර පියවර අත්‍යවශ්‍ය බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසනවා.

එක්සත් රාජධානිය විසින් ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක ප්‍රධානීන් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකුට පැනවූ සම්බාධක සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය මේ බව ප්‍රකාශ කර තිබෙන්වා.

ශ්‍රී ලංකාවේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් සාක්ෂි රැස්කිරීම සහ වගවීම සොයා බැලීම සඳහා බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසනවා.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කිසිදු උත්සාහයක් නොගන්නාතාක් කල් විදේශීය රාජ්‍යයන් සම්බාධක පැනවීම අඛණ්ඩව සිදුකළ යුතු බව ඔවුන් පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සතුව පවතින සාක්ෂි භාවිතා කළ යුතු බව ද හියුමන් රයිට්ස් වොච් සංවිධානය සිය නිවේදනය මඟින් පෙන්වා දී තිබෙනවා.

මෙරට සිවිල් යුද්ධය පැවති කාලයේදී මානව හිමිකම් උල්ලංඝනය වීමේ චෝදනාව මත හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය යන අයට එක්සත් රාජධානිය විසින් පසුගිය සඳුදා දිනයේ සම්බාධක පනවනු ලැබුවා.

ඊට අමතරව එල්.ටී.ටී.ඊ සංවිධානයේ නැගෙනහිර පළාත භාර හිටපු නායකයෙකු වන විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට ද එක්සත් රාජධානිය විසින් සම්බාධක පනවා තිබුණා.

මේ සම්බන්ධයෙන් සිය රජයේ ස්ථාවර පැහැදිලි කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, රටවල් විසින් ගනු ලබන මෙවැනි ඒකපාර්ශවීය පියවර ශ්‍රී ලංකාවේ දේශීය සංහිඳියා ක්‍රියාදාමයට කිසිදු සහයක් නොදක්වන බවයි.

එමඟින් තත්ත්වය තවදුරටත් ව්‍යාකූල කිරීමට ඉවහල් වන බවත් වගවීම සහ සංහිඳියාව පිළිබඳ දේශීය යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියේ රජය නිරත වී සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යවරයා සිය නිවේදනය මඟින් දැනුම් දී තිබුණා.

මේ අතර එක්සත් රාජධානිය විසින් තමා ඇතුළු හිටපු හමුදාපතිවරුන් දෙදෙනෙකුට එරෙහිව පනවා ඇති සම්බාධක සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

දශක ගණනාවක් තිස්සේ මෙරට ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් පරමාධිපත්‍යය ආරක්ෂා කිරීමටත් තමන් අප්‍රතිහත කැපවීමෙන් කටයුතු කළ බව වසන්ත කරන්නාගොඩ මහතා පවසයි.

යුද පිටියේදී මෙන්ම ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණුවලදී ද බාහිර මැදිහත්වීමකට එරෙහිව රට ආරක්ෂා කිරීමේදී ද ස්ථීරව සිටිමින් ඊට මුහුණදුන් තමන්ට එක්සත් රාජධානිය පනවා ඇති අයුක්ති සහගත සම්බාධකවලට මුහුණදීමට සිදුවී ඇති බව ඔහු පෙන්වා දෙනවා.

මෙම සම්බාධක කිසිදු විනිවිඳ පෙනෙන විමර්ශනයක් හෝ නීතිමය ක්‍රියාමාර්ග මත පදනම්වූවක් නොවන අතර ශ්‍රී ලංකාවේ යුද ජයග්‍රහණයේ ප්‍රධාන භූමිකාවක් ඉටුකළ පුද්ගලයින් ඉලක්ක කරගනිමින් සිදුකරන ජාත්‍යන්තර බලපෑමක් බව වසන්ත කරන්නාගොඩ මහතා පවසනවා.

මෙම අභියෝග හමුවේ වුව ද ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපවී කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.


RECENT ARTICLES - SINHALA

රාමසාන් හෙට

මුස්ලිම් ජනතාව හෙට (31) දින රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනවා. හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව, හිජ්රි 1446 ෂව්වාල් මාසයේ නවසඳ අද දින...

සමාජ මාධ්‍යවල යන පුවතක් ගැන පොලිසියේ කතාව

කොළඹ පිහිටි සුපිරි වෙළෙඳ ම්‍යධ්‍යස්ථානයක සේවයකළ වයස අවුරුදු 22ක්වූ තරුණයකු ඉකුත් 22වනදා අත්අඩංගුවට ගැනීමට අදාළව යම් සමාජ මාධ්‍යවල කිසියම් පිරිසක් විසින් ඊට සබැඳි ව්‍යාජ...

පාස්කු ප්‍රහාරය පරීක්ෂණ ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

එළැබෙන අප්‍රේල් 21වනදාට පෙර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු කිහිප දෙනෙකු හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කඩිනමින්...

POPULAR ARTICLES

රාමසාන් හෙට

මුස්ලිම් ජනතාව හෙට (31) දින රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනවා. හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව, හිජ්රි 1446 ෂව්වාල් මාසයේ නවසඳ අද දින...

ටොංගා රාජ්‍ය ආසන්නයේත් භූකම්පනයක්

පැසිෆික් දූපත් සමුහයක් වන ටොංගා රාජ්‍ය ආසන්නයේ ඇති වූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් ඒ අවට ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. අද (30)  ඇති වූ...

සමාජ මාධ්‍යවල යන පුවතක් ගැන පොලිසියේ කතාව

කොළඹ පිහිටි සුපිරි වෙළෙඳ ම්‍යධ්‍යස්ථානයක සේවයකළ වයස අවුරුදු 22ක්වූ තරුණයකු ඉකුත් 22වනදා අත්අඩංගුවට ගැනීමට අදාළව යම් සමාජ මාධ්‍යවල කිසියම් පිරිසක් විසින් ඊට සබැඳි ව්‍යාජ...