28.6 C
Colombo
Wednesday, April 2, 2025

චීනයෙන් මියන්මාරයට කෝටි 10ක මානුෂීය ආධාර

- Advertisement -

පසුගියදා ඇති වූ ප්‍රබල භූකම්පනයෙන් විපතට පත් මියන්මාර ජනතාව වෙනුවෙන් චීනය යුවාන් කෝටි 10ක හදිසි මානුෂීය ආධාරයක් ලබා දී තිබෙනවා.

උද්ගතව ඇති දුෂ්කර තත්ත්වය හමුවේ මියන්මාර රජය කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් චීනය වහාම එම ආධාර ලබා දීමට පියවර ගත් බව වාර්තා වනවා.

ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතාව පිළිබඳ චීන ඒජන්සියේ ප්‍රවෘත්ති ප්‍රකාශක Li Ming මහතා ඊයේ (29) පස්වරුවේ මේ බව තහවුරු කළා.

එමෙන්ම චීන රතු කුරුස සංගමය ද මියන්මාර රතු කුරුස සංගමය හරහා එරට විපතට ලක් වූ ප්‍රදේශ වෙත හදිසි සහනාධාර සැපයීමට ද එක්ව ඇති බව වාර්තා වනවා.

ඒ වෙනුවෙන් චීන රතු කුරුස සංගමයේ මුදා ගැනීමේ කණ්ඩායම් අදාළ මෙහෙයුම් ක්‍රියාවට නැංවීම සඳහා මියන්මාරය බලා පිටත්ව ‍ගොස් තිබෙනවා.

රික්ටර් පරිමාණයේ ඒකක 7 ඉක්ම වූ ප්‍රබලත්වයක් සටහන් කරමින් පසුගිය 28 වනදා පස්වරුවේ මියන්මාරයේ සිදු වූ ප්‍රබල භූමිකම්පනයෙන් සිදු වූ ආපදා තත්ත්වයෙන් ජීවිත හා දේපළ හානි රැසක් වාර්තා වුණා.

එරට රාජ්‍ය පරිපාලන කවුන්සිලය අනාවරණය කළ නවතම දත්තවලට අනුව, මේ දක්වා ඉන් මියගිය සංඛ්‍යාව ලෙස දෙදහසට ආසන්න සංඛ්‍යාවක් තහවුරු වී ඇති බවයි.

භූකම්පනයෙන් තුවාල ලැබූ පිරිස ද 3000 ඉක්මවා ඇති බව පවසනවා.

එමෙන්ම සුන්බුන් අතර සිරවූ තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව සිටින බවද විදෙස් වාර්තාවල සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

තරුණයින් පිරිසක් මාතලේ පොලීසිය ඉදිරිපිට විරෝධතාවක

තරුණයින් පිරිසක් මාතලේ නගරය හරහා පෙළපාළියකින් පැමිණ අද (02) පෙරවරුවේ මාතලේ පොලීසිය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබුණා. එම තරුණයන් පිරිස එඩ්වඩ් ක්‍රීඩාංගනයේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී...

ජනාධිපති අරමුදල අවභාවිතාව ගැන CID පරීක්ෂණ

ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා කළ බව කියන පුද්ගලයින් 22 දෙදෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර...

පාර්ලිමේන්තු සේවක සම්ගම්වලින් කතානායකට පැමිණිල්ලක්

පාර්ලිමේන්තු සේවකයන්ගේ දීමනාව සියයට 70 සිට සියයට 31ක් දක්වා කප්පාදු කිරීම  සම්බන්ධයෙන්  විරෝධය පළ කරමින් එහි සියලුම සේවක සංගම්  කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට...

POPULAR ARTICLES