කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට කටයුතුවලට ඇතැමුන් විරෝධය දක්වන්නේ කුහකත්වය මත පමණක් පදනම්ව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.
ඒ, ඊයේ (26) දිනයේ මාධ්‍යය අමතමින්.
වසර 10ක් පුරා ස්වාභාවික ගෑස් බලාගාරයක් බවට පත්කර ගැනීමට නොහැකිවු කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය එම තත්ත්වයට ගෙනඒමට රජය උත්සහ ගනිමින් සිටින බව ඔහු පවසනවා..
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා,
“වසර 10ක් පුරාවට කෙරවලපිටිය බලාගාරය ස්වාභාවික ගෑස් බලාගාරයක් බවට පත්කරගන්න අපිට බැරි උනා. අවුරුදු 10ක් තිස්සේ අපිට කරගන්න බැරිවෙලා තිබුණු දෙයක් මේ අවස්ථාවේ අපි සිදුකරන්න යනකොට විරුද්ධ වෙනවා නම් මං හිතන්නේ ඒ විරුද්ධවීම සිදුකරන පුද්ගලයා ඒක කරන්නේ කුහකත්වය මත මිසක් රටට ආදරයෙන් නෙමෙයි කියන එක අපි විශේෂයෙන් මතක් කරන්න ඕනෙ.”