පාස්කු ප්‍රහාරය සම්බන්ධ තොරතුරු තමා ළඟත් තිබෙන බව මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම් රාසමානික්කම් මහතා පවසනවා.
ඔහූ මේ බව කියා සිටියේ, අද (04) පැවති පාර්ලිමේන්තු රැස්වීමේදීයි.
අවස්ථාවක් ලබාදෙන්නේ නම් අදාළ සාක්ෂි ලබාගත හැකි කණ්ඩායම් සම්බන්ධ කර දිය හැකි බවයි මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ශානක්කියම් රාසමානික්කම් මහතා:
“පාස්කු ප්‍රහාරය සම්බන්ධව කටයුතු කිරීමට ආණ්ඩුවට විශාල වගකීමක් තිබෙනවා.පාස්කු ප්‍රහාරය සම්බන්ධ තොරතුරු අප ළඟ තිබෙනවා. අපටත් අවස්ථාවක් දෙන්න.සාක්ෂි ගන්න පුළුවන් කණ්ඩායම් අප සම්බන්ධ කරලා දෙන්නම්”