25.7 C
Colombo
Monday, March 31, 2025

රාජ්‍ය පොසොන් උත්සවයෙන් මම ඉවත් වෙනවා – මිහින්තලේ හිමි

- Advertisement -

මෙවර රාජ්‍ය පොසොන් උත්සවයේ සියලු සංවිධාන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බව මිහින්තලය රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසනවා.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ, මිහින්තලා පුදබිමේ කටයුතු සඳහා පුරාවිද්‍යා නිලධාරීන්ගෙන් එල්ල වන බලපෑම් හේතුවෙන් තමන් එම කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බවයි.

ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පුජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි මෙම අදහස් පළ කළා.

උන්වහන්සේ එහිදී වැඩිදුරටත් කියා සිටියේ,

“මේක කරන්න හම්බ වෙන්නේ නැහැනේ. ඒ හින්දා මං ඉවත් වෙනවා ඒකත් පුරාවිද්‍යා අධ්‍යයක්ෂ ජෙනරාල්වරයාට මේ පනතේ හැටියට රාජ්‍ය පොසොන් පිංකම කරන්න කියලා ඉඩ දෙනවා.

මිලියන 300 ගියා කියනවා බෝදාගම හාමුදුරුවොත් ඒක්ක, අපි දන්නෑ ගිවිසුම මොකක්ද කියලා. ඉතින් මල්වතු මහ නායක අතිගරු ශ්‍රීමත් මහානායක හාමුදුරුවෝ ජනාධිපතිට ලියුමක් දැම්මා මේ ගිවිසුම අහෝසි කරන්න මොකද රටවල් දෙකක් අතර ගිවිසුමුත් අහෝසි කරනවා. මේක අහෝසි බැරි කමක් නෑනේ.අපිට චෙත්‍ය හදන්න පුලුවන් හතක් අටක් ඔය විදිහට. මේ කට්ටිය මුදල් මත මේක විකුණලා තියෙන්නේ. ඒ නිසා ජනාධිපතිතුමනි, අධ්‍යක්ෂ ජෙනරාල්තුමා කියනවා මිලියන 300ක් වියදම් වෙලා තියෙනවා කියලා මල්වතු මහා නායක හාමුදුරුවෝ ඉදිරිපිට කිව්වා, තවත් හාමුදුරුවරු හිටියා….

ඒ හින්දා මේ මිලියන 300 මොකටද ගියේ කියලා සොයා බලා කටයුතු කරන්න.මෙ කලාප භාර පුරාවිද්‍යා කෞතුකාගාරය භාරව ඉන්න නෝනලා මහත්වරු, පුරාවිද්‍යා නිලධාරීන් එකතු වෙලා පොසොන් පිංකම කරන්න.

ඒ නිසා මම රාජ්‍ය පොසොන් උත්සවයෙන් ඉවත් වෙනවා. මම ප්‍රාදේශීය ලේකම්තුමාට ලියුමක් දෙන්නම් රාජ්‍ය පොසොන් කමිටුවෙන් ඉවත් වෙනවා කියලා….”

RECENT ARTICLES - SINHALA

රාමසාන් හෙට

මුස්ලිම් ජනතාව හෙට (31) දින රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනවා. හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව, හිජ්රි 1446 ෂව්වාල් මාසයේ නවසඳ අද දින...

සමාජ මාධ්‍යවල යන පුවතක් ගැන පොලිසියේ කතාව

කොළඹ පිහිටි සුපිරි වෙළෙඳ ම්‍යධ්‍යස්ථානයක සේවයකළ වයස අවුරුදු 22ක්වූ තරුණයකු ඉකුත් 22වනදා අත්අඩංගුවට ගැනීමට අදාළව යම් සමාජ මාධ්‍යවල කිසියම් පිරිසක් විසින් ඊට සබැඳි ව්‍යාජ...

පාස්කු ප්‍රහාරය පරීක්ෂණ ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

එළැබෙන අප්‍රේල් 21වනදාට පෙර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු කිහිප දෙනෙකු හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කඩිනමින්...

POPULAR ARTICLES

රාමසාන් හෙට

මුස්ලිම් ජනතාව හෙට (31) දින රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනවා. හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව, හිජ්රි 1446 ෂව්වාල් මාසයේ නවසඳ අද දින...

ටොංගා රාජ්‍ය ආසන්නයේත් භූකම්පනයක්

පැසිෆික් දූපත් සමුහයක් වන ටොංගා රාජ්‍ය ආසන්නයේ ඇති වූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් ඒ අවට ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. අද (30)  ඇති වූ...

සමාජ මාධ්‍යවල යන පුවතක් ගැන පොලිසියේ කතාව

කොළඹ පිහිටි සුපිරි වෙළෙඳ ම්‍යධ්‍යස්ථානයක සේවයකළ වයස අවුරුදු 22ක්වූ තරුණයකු ඉකුත් 22වනදා අත්අඩංගුවට ගැනීමට අදාළව යම් සමාජ මාධ්‍යවල කිසියම් පිරිසක් විසින් ඊට සබැඳි ව්‍යාජ...