තමන් අද දිනයේත් පාර්ලිමේන්තුවට පැමිණියේ බෙන්ස් රථයක බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ නිවස ගිනි තබා තමන්ව වැට්ටීමට නොහැකි බවයි.
තම නිවස ගිනිබත් කළ අය එය කළේ තම සුවිසල් නිවස පිළිබදව ඇති ඊර්ෂ්යව මත බව පාර්ලිමේන්තුව අමතමින් ඔහු සඳහන් කළා.
තමන්ගේ නිවස ගිනිතබන වීඩියෝ දර්ශනයන්හී සිටින එක් පුද්ගලයෙක් “යකෝ මේ ගෙදර කාමර හොයාගන්න මැප් එකක් ඕනනේ” යැයි සඳහන් කරන විට තවත් පුද්ගලයෙක් “යකෝ මූ මහරාජා කෙනෙක් වගේනේ ජීවත්වෙලා තියෙන්නේ” යනුවෙන් සඳහන් කර ඇති බව රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවට පවසා සිටියා.
ඊට අදාළ දර්ශන පහතින්,