27.9 C
Colombo
Saturday, November 23, 2024

මගේ දැනුම පාවිච්චි කරලා රට ඉදිරියට ගෙනියන්න පුළුවන් – රවී

- Advertisement -

තමා තුළ පවතින ආර්ථික දැනුම මෙන්ම විදේශිය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තිබෙන දැනුම උපයෝගී කරගනිමින් රට ඉදිරියට ගෙන යාමට හැකියාව පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ, අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

“මට ඇත්ත වශයෙන්ම එතුමා ප්‍රාණ ඇපකරුවන් හැටියට දෙන්නෙක් තුන්දෙනෙක් පත් කරලා තියෙන එක…

මේ ලේඛනයේ උපලේඛන 5 යටතේ අවබෝධතා හිවිසුමේ ජාතික ලැයිස්තුවේ වැඩ කරන විදිහ පෙන්නවලා තියෙනවා.මේකේ 4 වෙනි උපකොටස වෙන්නේ ‘එසේ වුවද ලැබෙන එක් මන්ත්‍රී ධූරයක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලබාදීමට එකග වේ’ කියලා. ඊට පස්සේ මේකේ පක්ෂ 4ක් අත්සන් කරලා තියෙනවා….

මේකේ කියලා තියෙන්නේඑක්සත් ජාතික පක්ෂයේ කවුරුත් නැති නිසා ඒ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ලබා දීලා තියෙනවා අඩුම තරම් UNP එකේ කෙනෙක්ව නියෝජනය කරන්න.ඉතින් මම දැන් UNP කාරයෙන් නෙවෙයිද?අනිත් අය වෙන වෙන පක්ෂවලට යනකොට අපි මෙතනම ඉදලා මේක ආරක්ෂා කරපු අය…

වැඩ කරන දක්ෂයෙක්ට ගහන එක් තමයි අපේ ලංකාවේ සිරිත….

මෙතන නියෝජනය කරන්නේ අපේ ආර්ථික දැනුම, විදේශිය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තියෙන දැනුම, මේ ව්‍යාපාරික දැනුම පාවිච්චි කරලා අප රට ඉදිරියට ගෙනියන්න පුලුවන් මාර්ගයකට ගන්න…”

RECENT ARTICLES - SINHALA

සිලින්ඩරේට තවත් ලෙඩක්

පසුගිය මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම...

අස්ගිරි පාර්ශ්වයෙන් රජයට විශේෂ ඉල්ලීමක්

භික්ෂූන් වහන්සේලාගේ අගෝචර චර්යා රටාවන් වළක්වා ගැනීම සඳහා මහානායක ස්වාමීන් වහන්සේලාට බලය ලැබෙන පරිදි සියලු නිකායන්වල වගන්ති සංශෝධනය කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස අස්ගිරි...

තවම භාරදීලා නැති මන්ත්‍රී නිල නිවාසවලට වෙන දේ මෙන්න

මෙතෙක් භාරදී නොමැති පාර්ලිමේන්තු නිල නිවාසවලට පෙර දැනුම්දීමකින් තොරව ජලය සහ විදුලි සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. මේ අතර ඊයේ (22) පවස්වරුව වන විට හිටපු...

POPULAR ARTICLES