අප්‍රේල් මස 21 වන දින ප්‍රහාරයක් සිදු වනු ඇතැයි පෙර දිනය තෙක් තමන්ටද විශ්වාසයක් නොතිබූ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පවසනවා.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළ සාපරාධි වගකිම් පැහැර හැරිමකට ලක් කළේ යැයි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහි නඩු ඊයේ (25) තෙවන දිනට විභාගයට ගනු ලැබු අවස්ථාවේ සාක්ෂි ලබාදෙමින් හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළා.
නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩු දෙක ඊයේ තෙවන දිනටත් කැඳවනු ලැබු අවස්ථාවේ විත්තිය වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම සිදුවුණා.
විත්තිකාර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා අසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා සඳහන් කළේ සහරාන් ඇතුළු පිරිස ප්‍රහාරය සඳහා ඇදුම් මිලදී ගෙන ඇත්තේ ද 16 වන දින නම් ඔවුන් ප්‍රහාරය තීරණය කරන්න ඇත්තේද ඒ අතර කාලයේ වන බැවින් තමන් අප්‍රේල් 04 ලද තොරතුර කෙසේ විශ්වාස කරන්නද යනුවෙන්.
එහිදි ජනාධිපති නීතිඥවරයා අධිකරණය ඉදිරියේ සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළේ රටේ බුද්ධි අංශ ප්‍රධානියා තමාට ලද තොරතුරු විශ්වාස කිරීමට පටන් ගත්තේ අප්‍රේල් 20 වන දින නම් අනෙක් නිලධාරින් ගැන කවර කතාද යන්නයි.
එයට පිළිතුරු දෙමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා කියා සිටියේ තමන් රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ ධූරය දැරූවද යම් හෙයකින් ප්‍රහාරයක් එල්ල වන බව පවසා එය එල්ල නොවූවොත් එයටද වරදකරු වන්නේ තමන් බවයි.
අද (26) සිව්වන දිනටත් මෙම නඩු දෙක විභාගය සඳහා කැදවීමට නියමිතයි.