තමන් රට හැර පැනගොස් නොමැති බවත්, තමන් රැදී සිටින්නේ කාල්ටන් නිවසේ බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර තැබූ ෆේස්බුක් සටහනකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම කරුණු සදහන් කර තිබුණා.
එහිදී මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර මහතා සදහන් කර තිබුණේ නාමල් රාජපක්ෂ ලංකාවෙන් පිටත්වීමට නියමිත බවයි.
ඊට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ මහතා සදහන් කර තිබුණේ තරිදු උඩුවරගෙදර මහතා හට යම්කිසි වැරදීමක් සිදුව ඇති බවත්, තමන් මේ මොහොතේ රැදී සිටින්නේ තංගල්ල කාල්ටන් නිවසේ බවත්ය.
කෙසේවෙතත් මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර මහතා සදහන් කරන්නේ නාමල් රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ අය රටින් පිටවීම සඳහා ගුවන් යානයක ආසන වෙන්කර ඇති බවට තමන් සතුව සාක්ෂි පවතින බවයි.