28.4 C
Colombo
Tuesday, October 22, 2024

හොරකම් කරන්න මම දේශපාලනේ කළේ නැහැ – රෝහිත

- Advertisement -

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා කෙනෙක් බව කියන මහනුවර ප්‍රධාන පෙලේ වාහන අලෙවිසැලක හිමිකරුවෙකුගේ පුත්‍රයෙකුගේ නිවසක තිබී ලියාපදිංචි නොකළ නවීන මෝටර් රථයක් සහ ජීප් රථයක් සොයාගෙන ඇති බව පොලීසිය පවසනවා.

පොලීසිය සඳහන් කළේ 1997 අංකයට ලැබුණු තොරතුරකට අනුව එම රථවාහන සොයාගත් බවත් එම නිවැසියන්ට එම වාහනවල කිසිදු නීත්‍යානුකූල ලියවිල්ලක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ බවයි.

වාහන ගාල්කර තිබූ නිවසේ හිමිකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු මෝටර් රථ දෙක පොලීසිය භාරයට ගෙන තිබුණා.

මේ අතර හිටපු අමාත්‍යවරයාගේ බෑණා බව පැවසෙන ගයාන් සේරම් ඊයේ (21) නීතිඥවරයෙක් සමග බම්බලපිටිය පොලීසියට ගොස් පැමිණිල්ලක්ද කර තිබෙනවා.

ඔහු පැවසුවේ අදාළ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා පැමිණිල්ලක් කිරීමට පැමිණි බවයි.

“මම රෝහිත අබේගුණවර්ධන මහතා ගේ බෑණා. මටයි මගේ බිරිඳගේ තාත්තටයි විරුද්ධව මඩ ප්‍රචාරයක් යනවා. ඒක නිවැරදි කරන්න පැමිණිල්ලක් දාන්නයි ආවේ. වාහන දෙකක් හම්බ වුණා. ඒ දෙකට මාවයි මගේ වයිෆ් ගේ තාත්තාවයි පටලවන්න හදනවා. මගේ පදිංචිය කොළඹ. මේක නුවරින් හම්බවෙච්ච එකක්.”

මේ අතර හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසන්නේ තමා මෙයට සම්බන්ධ බවට ඔප්පු කළහොත් දේශපාලනයෙන් ඉල්ලා අස්වන බව පවසනවා.

“පැහැදිලි ලෙසම කියන්න ඕනේ රෝහිත අබේගුණවර්ධන මේකට සම්බන්ධ නෑ කියලා. ඒක මම වගකීමෙන් කියන්නේ. යම් විදියකින් රෝහිත අබේගුණවර්ධන වන මම මේ වාහන සිද්ධියට සම්බන්ධ නම් මම මගේ දේශපාලනයෙන් අයින්වෙනවා. වගකීමෙන් කියන්නේ. මම දේශපාලනය කරලා තියෙන්නේ වංචාකරන්න හොරකම් කරන්න නෙමෙයි. ඒ නිසා අපි වගකීමකින් පැහැදිලිව කියනවා මේ වගේ දේවල් තියෙනවා නම් මේ වගේ ඇත්ත හොයලා ක්‍රියාකරන්න. දැන් කියනවා මේක බෑණාගේ අයියාගේ කියලා. දැන් කවුරුහරි බෑණාගේ අයියා කෙනෙක්ගේ නම් ඒ ඔවුන් මොකක් හෝ වරදක් කරලා තියෙනවානම් මම පළිද? මොකක්ද මගේ තියෙන සම්බන්ධය. මේ තියෙන්නේ මම ඉන්න නිවස. මේ ගෙදරට හැමදාම මිනිස්සු එනවා, යනවා, කෑම කනවා, මේ අපේ වාහන තියෙනවා ලියපදිංචි වාහන, හැබැයි එකක්වත් අපි එහෙම ඒවා පාවිච්චි කරලා නැහැ. ඉතින් මෙතනදී බොහොම පැහැදිලිව මම කියන්න ඕනේ කවුරු හරි මගේ හිතවතෙක් වැරද්දක් කරත් රෝහිත අබේගුණවර්ධන පළි ද ? ඒ කියන්නේ අපි වගකියන්න ඕනේද වෙන කෙනෙක් වැරැද්දක් කළොත්. මම වරදක් කරලා තියෙනවා නම් බොහොම පැහැදිලිව මට චෝදනා කරන්න. මම වගකීමකින් කියනවා. මම මගේ දේශපාලන ජීවතයෙන් සමුගන්නවා. මම මගේ මැතිවරණ අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වෙනවා මේ සම්බන්ධයෙන් යම් තැනක හරි මගේ සම්බන්ධයක් තියෙනවා නම් ඔප්පු කරන්න. මම ඒක අභියෝග කරනවා. ඕනෑම කෙනෙකුට අභියෝග කරනවා රෝහිත අබේගුණවර්ධන මේකට සම්බන්ධ නම් ඔප්පු කරන්න. මම දේශපාලනයෙන් ඉල්ලා අස්වෙනවා. ඇයි මේක කරන්නේ?”


RECENT ARTICLES - SINHALA

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට මෙරටින් නියෝජිතයින් යවන්න අනුමැතිය

සැමෝවාහි අපියාහි දී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

කල්පිටිය රථවාහන OIC අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 25 කට ආසන්න බීඩි කොළ තොගයක් නඩු භාණ්ඩ වශයෙන් රේගුවට බාර දීම සඳහා ලොරි රථයකින් කටුනායක බලා ගමන් කරමින් සිටියදී මීගමුව, කට්ටුව...

POPULAR ARTICLES

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

2023/2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ලබන 31 වැනිදා දක්වා සිසුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ පිළිබඳව අධ්‍යාපන...

ශිෂ්‍යත්ව විභාගය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්

ආන්දෝලනයට තුඩුදුන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සිය නිර්දේශ කඩිනමින් යොමු කරන බව මානව හිමිකම් කොමිසම පවසනවා. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා...

රත්තරන්ගේ බෑනගෙ ගෙදරින් මතුවු වාහන දෙක

හිටපු වරාය අමාත්‍යවරයකු වන රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනාට අයත් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසේ සඟවා තිබූ රුපියල් කෝටි හයක් පමණ වටිනා බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක්...