හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස් ලැබෙන බවට මාධ්‍ය ඔස්සේ පළවූ නමුත් ඒ සඳහා ලිඛිත නියෝගයක් බන්ධනාගාර දෙපාර්තමන්තුව වෙත මෙතෙක් ලැබී නැති බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසනවා.
ඒ, හෙට දිනට යෙදී තිබෙන 74 වෙනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපතිවරයා සතු බලතල අනුව සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස් ලැබෙන බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අද (03) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපතිවරයා සතු බලතල අනුව රැඳවියන් 197 කු නිදහස ලබන නමුත් ඒ අතර රන්ජන් රාමනායක මහතා සිටින්නේ දැයි තමන් නොදන්නා බවයි ඔහු පවසන්නේ,