චීනයෙන් ඇනවුම් කරන සහල් කාබනිකදැයි තමන් නොදන්නා බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
ඒ පෙරේදා (19) දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි.
ඒ සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතාගෙන් විමසීමක් සිදුකළ යුතු බවයි ඔහු පවසන්නේ.
මාධ්‍යවේදියා –
“චීනයෙන් ගෙන්වන හාල් කාබනික පොහොරවලින් හදපු ඒවාද ?
අමාත්‍යවරයා –
”චීනයෙන් ඇනවුම් කරන හාල් සම්බන්ධයෙන් අපි විශ්වාස කරනවා, ඒ ඔබ සඳහන් කළ ආකාරයට විය යුතුයි කියලා. නමුත් මේ මොහොතේ අවංකවම ඒ පිළිබඳව, ඒක කාබනික වගාවකින් ගත්ත අස්වැන්නක්ද නැද්ද යන්න පිළිබඳව නිශ්චිත පිළිතුරක් ඔබට දෙන්නට තරම් දැනුවත්කමක් මං හිතනවා මටත් මගේ මිත්‍රයන් දෙපළටත් නෑ. ඒක නිසා සමාවෙන්න, අපි බන්දුල ගුණවර්ධන ඇමතිතුමාගෙන් අහලා ඒ පිළිබඳව ඔබව දැනුවත් කරන්නම්”