25.4 C
Colombo
Saturday, November 23, 2024

බැසිල් රාජපක්ෂ නැත්නම් මේ රට කොතනද දන්නේ නෑ

- Advertisement -

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නොසිටියේ නම්, අද වන විට රට රැඳෙන්නේ කොතන දැයි හරියට කිව නොහැකි බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන පවසනවා.

ඒ, අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තව ටික කලක් ගිය විට ජනතාවට සෑහීමකට පත් විය හැකි පරිදි රටක් නිර්මාණය වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එවිට ආණ්ඩුවේ ක්‍රියාකලාපය ද නැතහොත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ක්‍රියා කලාපය ද නිවැරදි දැයි නියත වශයෙන් ම ජනතාවට අවබෝධ වන බවත් ඔහු පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් රට පුරා කිසිදු පදනමකින් තොරව ආණ්ඩුවේ ක්‍රියාකලාපය විවේචනය කරමින් යන බවත්විපක්ෂ නායකවරයා කටට එන පලියට කිසිදු වගකීමකින් තොරව අදාළ ප්‍රකාශයන් සිදු කරන බවත් ඉඩම් අමාත්‍යවරයා පවසනවා.

සජිත් ප්‍රේමදාස හට කිසිදු ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් නොමැති බව ප්‍රකාශ කරන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, වත්මන් රජයේ අර්බුද ඇත්නම් ඒවා විවේචනය කරනවා සේම ඒවාට ගත යුතු පියවර සම්බන්ධයෙන් ද ජනතාව දැනුවත් කළ යුතු බවයි.

RECENT ARTICLES - SINHALA

නිධානය සොයා අදත් කැණීම්

වේයන්ගොඩ, වදුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක් ආශ්‍රිතව අධිකරණ නියෝගයක් මත නිධානයක් සොයා ආරම්භ කළ කැණීම් කටයුතු අද (23) දිනයේත් සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඉදිකරමින් පවතින...

බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ පුද්ගලයින් 9ක් අත්අඩංගුවට

බගවන්තලාව, මා එළිය රක්ෂිත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා නුවරඑළිය කඳවුරේ නිලධාරීන් සිදු කළ වැටළිමකදී බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට...

අස්වැසුමට ඉල්ලුම් කරන අයට පණිවිඩයක්

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයැදුම්පත් ලබා දීමට අතිරේක සහන කාලයක් ලබා දීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර තිබෙනවා. එම මණ්ඩලය නිවේදනය කළේ, අස්වැසුම පළමු වටයේ...

POPULAR ARTICLES