තමා දේශපාලනය කිරීමට හෝ ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීමට කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පවසනවා.
ඇය මේ බව කියා සිටියේ ඉරිදා ජාතික පුවත්පතකට ප්‍රකාශයක් ලබාදෙමින්.
ඇය සඳහන් කරන්නේ තමා දේශපාලන වේදිකාවට පිවිසියේ ඡන්දය ඉල්ලීමට හෝ නමක් හදාගැනීමට නොව රටේ ජනතාව වෙනුවෙන් බවයි.
පෙර සිටි දුෂිත පාලකයෙකු වන ගෝඨාභය රාජපක්ෂ පන්නා දැමීමට සහ ඒ සඳහා ‘ගෝඨා ගෝ හෝම් ‘ යැයි පැවසීමට පමණක් තමන්ට අවශ්‍ය වූ බවද ඒ මහත්මිය පවසනවා.
අරගලය සිදුකළත් තමා තවමත් නින්දා අපහාස විඳින බවත් ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටු කර දෙන ලෙස සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන්ගෙන් තමා ඉල්ලා සිටීම හේතුවෙන් එම වේදිකාව මතට පැමිණි බවයි එතුමිය කියා සිටින්නේ.
වැඩිදුරටත් අදහස් දක්වමින් දමිතා අබේරත්න මහත්මිය සඳහන් කරන්නේ සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිස අතින් ද රට සහ ජනතාව වෙනුවෙන් කිසියම් සේවයක් සිදු නොවන්නේ යැයි තමන්ට දැනුනහොත් එක තත්ත්පරයක්වත් තමන් එතන නොසිටින බවයි.