30 C
Colombo
Sunday, October 27, 2024

මටත් බහුතරේ නැහැ, අනුරටත් නැහැ – රනිල්

- Advertisement -

තමා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක යන දෙදෙනාටම බහුතරය නැති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීගමුවේදී අද(27)පැවසුවා.

පැරදුනා නම් ගෙදරට වෙලා ඉන්නා ලෙස ජනාධිපති අනුර තමාට කියා තිබෙන බව පැවසු රනිල් වික්‍රමසිංහ මහතා බහුතරයක් දෙනා තමාට ඡන්දය දුන්නේ නැති බව තමා පිළිගන්නා බව සඳහන් කළා.

“බහුතරයක් මට ඡන්දය දුන්නේ නැහැ. ඉතින් මම පැරදිලා.ඉතින් එතුමටත් බහුතරයක් දීලා නැහැ.ඉතින් එතුමාගේ සහ මගේ වෙනස මොකක්ද? මම බහුතරයක් නැති හිටපු ජනාධිපති. එතුමා බහුතරයක් නැති ඉන්න ජනාධිපති.එතුමට වගේම මටත් බහුතරය නෑ.අපි දෙන්නම ඉන්නේ එකට”

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මීගමුව ජනරැළිය අමතමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවා.

RECENT ARTICLES - SINHALA

මනුෂ්‍ය ඝාතන තැතක් වැළකේ

කාන්තාවක් ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකරුවෙකු පොලිස්, මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගාල්ල, හබරාදූව, මීපේ ප්‍රදේශයේ පදිංචි...

මාන්නප්පෙරුමට පක්ෂ 10කින් ආරාධනා?

තමන් සමඟ දේශපාලන කටයුතුවලට සම්බන්ධ වන ලෙසට මෙවර මහ මැතිවරණ සටනින් ඉවත් වූ හිටපු අමාත්‍ය සහ සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්...

රංජනුත් සල්ලිවලට සෙනඟ ගෙනල්ලා මල්ලි

රංජන් රාමනායක මහතා නායකත්වය දරන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මංගල සම්මේලනය ඊයේ (27) පස්වරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා. කෙසේවෙතත් මෙම සම්මේලනය අවසන් වීමෙන් පසු...

POPULAR ARTICLES

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

ජොන්ස්ටන්ගේ පෙත්සම ගැන අභියාචනාධිකරණය දුන් නියෝගය

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත්කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 05...

පත්තරේ ගිය අනුර – හරිනි අවුල ගැන පැහැදිලි කිරීමක්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ගැටුමක් හටගෙන ඇති බවට...