අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ දෙවන පුතු සහ අග්‍රාමාත්‍ය මාණ්ඩලික ප්‍රධානී යෝෂිත රාජපක්ෂ විසින් ගෘහස්ත ගෑස් ව්‍යාපාරයේ කොටස් හිමිකර ගැනීමට උත්සාහ කරන බවට පැතිර යන කටකතා ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
කටකථා ප්‍රතික්ෂේප කරමින් තමාට කිසිදු ගෑස් සමාගමක් නොමැති බව පැවසන යෝෂිත රාජපක්ෂ, මෙය තමන්ගේ ප්‍රතිරූපය විනාශ කිරීමට ගෙන යන ව්‍යාජ මඩ ප්‍රචාරක් බව පවසයි.
එමෙන්ම, මෙය රජය අපකීර්තියට පත් කිරීම සඳහා ගොතන ලද කතාවක් යැයි යෝෂිත රාජපක්ෂ පවසන බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා.
මෙය තමාට රන් අශ්වයෙකු ඇතැයි කලින් කළ කටකතා වලට සමාන පට්ට පට්ටපල් බොරුවක් බවත් ඔහු අවධාරණය කර සිටිනවා.