හිටපු ජනාධිපති, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍යධුරයක දිවුරුම් දිමට නියමිත බවට පළවන මාධ්‍ය වාර්තා සත්‍යතාවයකින් තොර බව එම මහතාගේ පුද්ගලික ලේකම්වරයා නිවේදනය කර සිටිනවා.
බැසිල් රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීමට සමගාමීව ඉදිරි දිනකදි මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් අමාත්‍යධුරයක දිවුරුම් දීමට නියමිතව ඇති බව අද දින (28) මාධ්‍ය තුල පළවු වාර්තාව සම්පුර්ණයෙන්ම අසත්‍ය වාර්තාවක් බවයි ඔහු අවධාරණය කර සිටින්නේ.
හිටපු ජනාධිපතිවරයා අමාත්‍යධුරයක් හෝ කිසිදු තනතුරක් තමාවෙත ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලිමක් කර නොමැති අතර එවැනි කිසිදු තනතුරක් ලබාගැනිමට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බලාපොරොත්තු නොවන බවයි නිවේදනයේ දැක්වෙන්නේ.