25.2 C
Colombo
Sunday, November 24, 2024

දකුණු කොරියාවේදී මියගිය අය ගැන මට දුකයි – රනිල්

- Advertisement -

දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවති හැලොවින් සාදයක් අතරතුර සිදුවූ තෙරපීමෙන් මියගිය පුද්ගලයින් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සොව පලකර තිබෙනවා.

ඒ අනුව කොරියානු රජයට සහ ජනතාවට මෙන්ම විශේෂයෙන් මියගිය අයගේ පවුල්වලට සිය බලවත් ශෝකය ප්‍රකාශ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ තුවාල ලැබූවන්ටද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවයි.

දකුණු කොරියාවේ ඊයේ (29) රාත්‍රීයේ සංවිධානය කර තිබූ හැලොවින් සාදයක් අතරතුර සිදු වූ තෙරපීම හේතුවෙන් මේ වනවිට මියගිය ගණන 151ක් පමණ වන අතර තවත් පුද්ගලයින් 82ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

POPULAR ARTICLES