පෞද්ගලික හේතුවක් හෝ දේශපාලන හිතවත්කම් මත දුමින්ද සිල්වා මහතාට සමාව ලබා දුන් බවට සිදු කරන ප්‍රකාශ තමා ප්‍රතික්ෂේප කරන බව දුමින්ද සිල්වා මහතාට එරෙහි නඩුවට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති දිවුරුම් පෙත්සම මඟින් පෙන්වා දී තිබෙනවා.
එමෙන්ම, දුමින්ද සිල්වාගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඔහු බන්ධනාගාරයෙන් ඉවත් විය යුතු බවට වෛද්‍ය වාර්තා තමා වෙත ඉදිරිපත් කර තිබූ බවද ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දිවුරුම් ප්‍රකාශයෙහි සඳහන් කර තිබුණා.
එමෙන්ම, දුමින්ද සිල්වා මහතා හට සමාව ලබා දීමට තමා කටයුතු කළේ රට ගැන සිතා බවද ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දී තිබෙනවා.
දුමින්ද සිල්වා මහතාට ලබාදී තිබූ විශේෂ ජනාධිපති සමාව අහෝසි කිරීමට අද (17) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ තීන්දුවේ කොටසක් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබා දුන් මෙම දිවුරුම් ප්‍රකාශයද සැලකිල්ලට ගෙන තිබුණා.
කෙසේවෙතත්, අද දිනයේ දුමින්ද සිල්වා මහතාට එරෙහි පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය දිවුරුම් ප්‍රකාශයෙහි සඳහන් කර ඇති “රට ගැන සිතා කටයුතු කිරීම” යනු කුමක්ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා විසින් ප්‍රශ්න කර තිබෙනවා.
එමෙන්ම, දුමින්ද සිල්වා මහතාට සමාව ලබා දීමේදී නිසි නීතිමය ක්‍රමවේදයක් අනුගමනය කර නොමැති බවද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා මෙහිදී සිය විනිශ්චය ලබා දෙමින් ප්‍රකාශ කර තිබුණා.