මිනිසුන්ට එදාවේල කන්නවත් නොමැති කමින් දක්වන අදහස් දෙස බැලීමේදී යම් වින්දනයක් ලබන බව දෙරණ මාධ්‍ය ජාලයෙ අධිපති දිලිත් ජයවීර පවසනවා.
ඒ, ව්‍යාපාරික ධම්මික පෙරේරා සමග පැවති සූම් සාකච්ඡාවකට එක් වෙමින්.
තමාට කෑම සම්බන්ධව ගැටළුවක් නොතිබියදී මිනිසුන්ට මෙවැනි ගැටළු පවතින නිසා වෛරීව අදහස් දැක්වීම සිදුවන බව තමාට නිරීක්ෂණය වූ බවයි එහිදී ඔහු පවසන්නේ.
සමාජ මාධ්‍ය වල පලවන කමෙන්ටු හරහා තමන් ජනතාව අධ්‍යයනට කරන බවත් එම අදහස් ඉවත් නොකළ යුතු බවත් ඔහු පවසනවා.
කෙසේ නමුත්, ඍණාත්මක අදහස් දක්වන පුද්ගලයන්ව සමාජ මාධ්‍ය තුල අවහිර කළ යුතු බවයි ඉන් අනතුරුව අදහස් දක්වමින් ධම්මික පෙරේරා පවසන්නේ.