දෙවියන්ගේ පිහිටෙන් තමන්ට කාන්තාවන්ගෙන් කිසිදු හිඟයක් නොමැති බව ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා.
සිය නිල ෆේස්බුක් ගිණුමෙන් සටහනක් තබමින් ඔහු පවසන්නේ තමන් කිසි විටෙකත් අසහනයෙන් නොපෙලෙන බවයි.
සනත් නිශාන්ත මහතා මෙම අදහස් පල කර ඇත්තේ පසුගියදා ආණමඩුව ප්‍රදේශයේ මහින්ද රාජපක්ෂ මහතාව යළි නැගිට්ටවීම වෙනුවෙන් පැවැත්වූ ජන රැළියකදී ඔහු තරුණියක් දෙස බලාසිටිනා ඡායාරූපයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙලොව ප්‍රධාන වශයෙන් පිරිමින් වර්ග තුනක් සිටින බවත් ඉන් එක් වගයක් කාන්තාවන්ට කැමති බවත්, අනෙක් වර්ගය පිරිමින්ට කැමති බවත්, තුන්වන වර්ගට නපුන්සකයන් බවයි.
කෙසේ වෙතත් තමන් එම කොට්ඨාශ තුනෙන් නිවැරැදි වර්ගයයේ පිරිමියෙක් බවත් තමන්ට තරාදියේ පඩිපෙළ මෙන් දරුවන්ද සිටින බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.