ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණයට පෙර ජනතාවට දුන් පොරොන්දු කිසිවක් ඉෂ්ඨ කර නොමැති බව හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, තමන්ව අත්අඩංගුවට ගැනීම පිළිබඳ කණගාටු නොවන බවත්, නමුත් තමා සමගම බිරිඳවද සිරගත කිරීම ලැජ්ජාසහගත බවයි.
පසුගිය දිනවල අත්අඩංගුවට ගැනුණු අමාත්‍යවරුන් සහ බිරින්දෑවරුන් ගැන අදහස් පළ කළ ලොහාන් රත්වත්ත මහතා “දහ සැරයක් පහළවස් සැරයක් මාව හිරේ දාන්න, මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මගේ නෝනට අත තිබ්බොත් නම් මම කරන දේ මම දන්නවා” යනුවෙන්ද ජනාධිපතිවරයාට අවධාරණය කළා.
එමෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට රට ඉදිරියට පවත්වගෙන යාමට නොහැකිනම් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට රට භාර දෙන ලෙසද ඔහු එහිදී කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලොහාන් රත්වත්ත මහතා :
අනුර කුමාර ජනාධිපතිතුමා අද දුන්න පොරොන්දු එකක්වත් ඉෂ්ට කරලා නැහැ. මං දන්න තරමින් මටනම් පොරොන්දු දෙකක් කළා.මාව හිරේ දැම්මා. මගේ නෝනවත් හිරේ දැම්මා.ලැජ්ජයි ජනාධිපතිතුමනි. මාව හිරේ දැම්මට කමක් නෑ මගේ නෝනවත් හිරේ දැම්මා. අනුර කුමාර ජනාධිපතිට කියනවා,දහ සැරයක් පහළවස් සැරයක් මාව හිරේ දාන්න, මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මගේ නෝනට අත තිබ්බොත් නම් මම කරන දේ මම දන්නවා.
මේකද දේශපාලනය? අද අනුරාධපුරේ හිටපු මහ ඇමතිව හිරේ දාලා තියෙනවා. චන්ද්‍රසේන ඇමතිතුමාගේ නෝනවත් හිරේ දාලා තියෙනවා. තමුන්නාන්සේලා 88,89 කරපු දේට තමුන්නාන්සේල එල්ලුම් ගස් යන්න ඕනේ.ප්‍රශ්නයක් නෑ තමුන්නාන්සේලාට ජනවරමක් ලැබිලා තියෙනවා,ඒක ඉෂ්ට කරන්න. බැරි නම් බෑ කියලා නාමල්ට දෙන්න. අපි ඉන්නවා උදව් කරන්න. ආණ්ඩුවේ මේ පක්ෂයේ හැමෝගෙම ඉල්ලා සිටිනවා පලිගන්නේ නැතුව මේ රට හදන්න දීපු පොරොන්දු ටික ඉෂ්ට කරන්න.
අපි රනිල් වික්‍රමසිංහ මහතාගේත් සහායට ඉඩ දුන්නා. මේ රට වැටිච්ච ප්‍රපාතයෙන්, ගොඩගන්න. වෙන හේතුවකට නෙමෙයි.ඒ මහින්ද මහත්තයගෙත් පක්ෂයේත් අවශ්‍යතාවය මත තමයි අපි ඒක කළේ.ගිය මැතිවරණයේදී අපි ඉදිරිපත් වුණේ නැත්තෙත් මේ රටට මෙච්චර කරලත් මේ රටේ මිනිස්සුන්ට ඒකෙ අගේ තේරෙන්නේ නැත්නම් මොනවටද අපි නැවත වරක් ඉදිරිපත් වෙන්නේ කියන හේතුව මත තමයි අපේක්ෂකත්වයෙන් මම ඉල්ලා අස් උනේ”