ජනාධිපති සමාව ලැබූ එකම භික්ෂුව තමන්වහන්සේ නොවන බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසනවා.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් උන්වහන්සේ මෙම අදහස් පල කළා.
නඩු කටයුතු පවතින එකම භික්ෂුව තමන්වහන්සේ නොවන බවත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 255 න් කිහිප දෙනෙකුට හැර අනෙක් සියලු දෙනාට නඩු පවතින බවද උන්වහන්සේ සිහිපත් කරනවා.
මේ නිසා අනවශ්‍ය මානයන් හට මෙය රැගෙන නොයා තමන්වහන්සේට භාරදුන් රාජකාරිය ගැන පමණක් අවධානය යොමු කරන ලෙසට ඥාණසාර හිමියන් ඉල්ලා සිටිනවා.
උන්වහන්සේ සඳහන් කරන්නේ තමන්වහන්සේට ඇති නඩු කටයුතු පිළිබදව කතා කළ යුතු වුවත් මේ ඒ සඳහා වෙලාව නොවන බවයි.
ඊට අදාළ දර්ශන පහතින්,