ජාතික ජන බලවේගයේ නියෝජිතයින් ඉන්දියාවේ සංචාරය නොකළා නම් UPI ගෙවුම් පද්ධතියට එරෙහිව මෙරට තුල විශාල ව්‍යාජ මතයත් නිර්මාණය කිරීමට ඉඩ තිබූ බවත් ඔවුන්ගේ ඉන්දීය සංචාරය සමඟ මෙතක් පැවති ඉන්දීය විරෝධි ප්‍රතිපත්තිය වෙනස් වීම ප්‍රතිපත්ති ස්ථිර නොවන බවට කදිම උදාහරණයක් බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ, වැල්ලවාය මහජන ක්‍රීඩාංගණයේ මොණරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අද (17) සහ හෙට දෙදින පැවැත්වෙන ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක් වෙමින්.
එහිදී ඔහු සඳහන් කර සිටියේ, ජාතික ජන බලවේගයේ ඉන්දීය විරෝධී ප්‍රතිපත්ති වෙනස් වීම සාධනීය කාරණයක් වුවත්, එම ප්‍රතිපත්තිය හේතුවෙන් ජීවිත අහිමි වූවන්ට යලිත් එම ජිවිත නොලැබීම ඉතා කණගාටුදායක ඉතිහාසයක් මතක් කරදෙන බව එහිදී ඔහු සඳහන් කර සිටියා.
ඉදිරියේදී ඉන්දියාවට මෙරට තුල ව්‍යාපෘති කිරීමට බාධාවක් නොවනු ඇති බවට අපේක්ෂා කරන බවත්, එමඟින් ඉන්දියාව මෙරටට ලබාදෙන සහය ඉහළයාමට හැකියාව පවතින බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
එහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ,
” ප්‍රතිපත්ති වලට ඡන්දේ දීලා තමයි අපේ රට මේ තියෙන තත්වයට පත්වුනේ. හැබැයි මට හැමදාම තිබුණ ප්‍රතිපදාව තමයි, රටට ජයග්‍රහණය ගෙන එන අවස්ථා නියෝජනය කිරීම. ජනතාවට ජයග්‍රහණය ගෙන එන අවස්ථාවක් වෙනුවෙන් තමයි මම පෙනී සිටියේ. මම අද පෙනී ඉන්නේත් මේ රටේ අනාගතය ජයගන්න පුලවන් නායකත්වය වෙනුවෙන්.
ප්‍රතිපත්ති වෙනස් වෙනවා කියන එකට හොදම උදාහරණයක් තමයි මේ දවස් වල රටේම ඉන්න සෙනග බස්වලින් ඇද ඇද රැල්ලක් හදන්න යන රතු සහෝදරවරු. ඒ අයගේ ඉන්දියාව සම්බන්ධව තිබුණු ප්‍රතිපත්තියට වුනේ මොකක්ද කියලා තමුන්නාන්සෙලා දැක්කනේ. ඒ සහෝදරවරුන්ගේ පංති පහේ එකක් තමයි ඉන්දියානු ව්‍යාප්තවාදය. ඉන්දියානු ව්‍යාප්ත වාදය කියලා පංතියක් හදලා අන්ධ කරලා රටේ රන් සමනල්ලු දස දහස් ගණනක් වලාකුලු වලට නග්ගපු අමුවෙන් කිව්වොත් මරලා දාන්න කටයුතු කරපු ප්‍රතිපත්තිය ඒ අය වෙනස් කරගත්තා. ඒක හොදයි. හැබැයි අර අන්ධ කරලා නැති කරපු ජිවිත වලට ආයේ පණ දෙන්න බැහැ”
” ඒත් අද ඒ ප්‍රතිපත්ති වෙනස් කරලා තියෙනවා. ඒත් නැති වුන ජීවිත යලිත් ගන්න අපිට අවස්ථාවක් නැහැ. දැන් ඒ සහෝදරයා වැරදිලා හරි ඉන්දියාවේ නොගියනං අර ඉන්දියන් යූ පී අයි මුදල් ගණුදෙනු සිස්ටම් එක ජනාධිපතිතුමා මැදිහත් වෙලා ඇති කරද්දී රනිල් ඉන්දියාවට රට විකුණන්න යනවා කියලා තමයි කියන්නේ. ඉන්දියාවේ ගියපු නිසා මීක් නෑ. මතක ඇතිනේ කලිං වතාවල් වල කියපු කතා. ගිලන් රථ සේවය ගෙන කොට කියපු කතා, අමුල් එකට කියපු අමූලික කතා. ලස්සනම දැන් ඒවට උත්තර දෙන්න කියන අමූලික කතා. දැන් ටෙන්ඩර් දාලා දෙනවා නම් කමක් නෑ කියලා කියනවා. අපි ස්තූතිවන්ත වෙනවා ඉන්දියාවට ගිහින් හරි ප්‍රතිපත්ති වෙනස් කරගත්ත එකට ” යනුවෙනි.