තමාගෙන් වැඩිපුරම බැණුම් අසා ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න පවසනවා.
ඒ, ඊයේ (28) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
රට භාරගන්නැයි සජිත්ට ආරාධනවක් ලද මොහොතේ ඔහු එසේ නොකළේ හොරුන් සමඟ කටයුතු කිරීමට නොහැකි නිසාවෙන් බවයි ඇය පවසන්නේ.
එමෙන්ම, සජිත් ප්‍රේමදාස යනු ප්‍රතිපත්තිගරුක දේශපාලඥයෙක් බවට තමා විශ්වාස කරන බවත් රටට ආදරය කරන තමාටත් ඕනෑම තැනක හිට ගැනීමට හැකි බවත් ඇය පවසනවා.
එබැවින් අරගලයේ අරමුණු ඉටුකරන කෙනෙක් හෝ කණ්ඩායමක් සමඟ තමන් හිටගන්නා බවත් ඇය පවසනවා.