අත්‍යවශ්‍ය භාණ්ඩ හිගකම, ගෑස් හා ඉන්ධන හිගය මෙන්ම විදුලිය ඇනහිටීම හේතුවෙන් වර්තමානයේ ජනතාව මුහුණ දී සිටින ප්‍රශ්න තමන්ට හොදින් වැටෙහෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ජනාධිපතිවරයා ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය අරඹමින් කියා සිටියේ වත්මන් තත්ත්වය තුළ ජනාධිපතිවරයා ලෙස තමන් ගන්නා තීන්දු තීරණ පිළිබඳ වගකීම තමන් භාරගන්නා බවයි.
එමෙන්ම වත්මන් ආර්ථික තත්ත්වයන්ට විසදුම් සෙවීමට තමන් දැඩි තීන්දු තීරණ ගනිමින් සිටින බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවනවා.
රටතුළ පවතින විදේශ විනිමය හිගකම තුළ වර්තමානයේ සියලු ආර්ථික අර්බුද ඇතිවී ඇති බවත් ඒවාට කඩිනම් විසදුම් ලබාදීම තම අපෙක්ෂාව බවත් ජාතිය අමතා විශේෂ ප්‍රකාශය සිදුකරමින් ජනාධිපතිවරයා කියා සිටියා.