23.4 C
Colombo
Saturday, January 4, 2025

මම කාගෙවත් සුරතලෙක් වුණේ නැහැ

- Advertisement -

හිටපු යුද හමුදාපති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (31) සිය ධුරයෙන් විශ්‍රාම ගනු ලැබූවා.

තමාගේ ධුර කාලය තුළ සිදුවූ සිදුවීම් පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

2022 වසරේ රට තුළ හටගත් මහජන කැලඹීම එහිදී ශවේන්ද්‍ර සිල්වා මහතා අවධානයට ලක් කර ඇති අතර එහිදී නිරායුද ජනතාවට එරෙහිව නිල බලයෙන් උන්මත්තක ජන ඝාතකයෙකු වීමට තමා උත්සුක නොවූ බව ඔහු පෙන්වා දී තිබෙනවා.

අරගල සමයේ තමා සිදු කළ උපායික ක්‍රමෝපා පිළිබද රාජ්‍ය පාලකයන්ගේ කියවීම තමාට අවාසි සහගත වූ බවද ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

“වර්ෂ 2022 රට තුළ උදා වන මහජන කැලඹීම මගේ හමුදා රාජකාරි ජීවිතයෙහි මා සැබෑ මිතුරන් සහ සැබෑ හතුරන් ප්‍රායෝගිකව හඳුනා ගන්නා සංකීර්ණ යාමයකි. රාජ්‍ය යුද්ධ හමුදාව යනු බාහිරව හෝ අභ්‍යන්තරව හෝ රාජ්‍යයට සිදු වන උපද්‍රවයකදී ජනතා සුරක්ෂාව සඳහා පෙනී සිටින නිල ලත් සන්නද්ධ මිනිස් බළකායකට ය.”

“2022 අරගල යනු අභ්‍යන්තර ජන නොසන්සුන්තාවයකි. එහිදී උද්ඝෝෂකයන් පාලනය කිරීමට හමුදාවට අවම බලය පමණක් භාවිත කිරීමට මම විධාන ලබා දුනිමි. හමුදා වෙඩි උණ්ඩයකින් සාමාන්‍ය අහිංසක වැසියෙකු මිය යෑම මා නොපැතුවෙමි.”

“නිරායුද ජනතාවට එරෙහිව නිල බලයෙන් උන්මත්තක ජන ඝාතකයෙකු වීමට මා උත්සුක වූයේ නැත. එහි ප්‍රතිඵලය රට අපායක් නොවීම ය. එයට උදාහරණ රටට ආසන්න රාජ්‍යවල වර්තමානයෙහි පැන නඟින ජන උද්ඝෝෂණ මර්දනය පිණිස හමුදා ක්‍රියාත්මක වීමේ දුර්විපාක පෙන්වා දිය හැකි ය.”

“බල ලෝභී පාලකයන් පවසන පරිදි මට රාජ්‍යය පාවාදීමේ අශ්ලීල දුර්ජන පරමාර්ථයක් නොපැවතුණි. විදෙස් රටක බළල් අතක් වීමට හෝ විදෙස් තානාපති කාර්යාලයක සුරතලෙකු වීමට හෝ මට පහත් ආශාවල් නොවිණි. එලෙස නම් මා එවකට පාලන බලයේ සිටිය රටේ පස්වන විධායක ජනාධිපතිවරයා ලෙස ද කටයුතු කළ අග්‍රාමාත්‍යතුමා උද්ඝෝෂකයන් ග්‍රහණයට ගෙන එතුමා ජීවිත අවදානමක පසුවද්දී ගුවන්

සංක්‍රමික බලකාය යොදවා මා අග්‍රාමාත්‍යතුමාගේ ජීවිතය සුරක්ෂිතව ගලවා ගන්නේ කුමකට ද?”

“දේශපාලකයන්ගේ ගෙවල් ගිනිබත් කරලීමට පැමිණි උද්ඝෝෂකයන් බහුතර පිරිසක් පලවා හැර එකී ගෙවල් බේරා ගන්නේ කුමකට ද? එහෙත් අරගල සමයේ මා සිදු කළ උපායික ක්‍රමෝපා පිළිබද රාජ්‍ය පාලකයන්ගේ කියවීම මට අවාසි සහගත විය.”

“තරු හතරක ජෙනරාල්වරයෙකුව ලංකා හමුදා ඉතිහාසයේ දෙවන හමුදාධිපතිව සේවයේ යෙදී සිටිය මා වර්ෂ 2022 මැයි 31 සේවයෙන් විශ්‍රාම ගැනීමට හත් මසක් ඉතුරුව පැවතිය දී බලධරයන් හමුදාධිපති පදවියෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පදවියට නිල මාරුවක් සිදු කළේ ය. එයින් පසු ආසන්න කාලයක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට රාජ්‍යයෙන් පලා යෑමට සිදුවන්නේ ද මා හමුදාධිපති පදවියෙන් සමුගෙන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ සිටියදී රාජ්‍ය අවසරය සහිත ව විදෙස් රටක පැවති ජාතික ආරක්ෂක සමුළුවකට සහභාගි වී සිටින යාමයක දී ය.”

RECENT ARTICLES - SINHALA

වැලිගම වෙඩි තැබීමක්: පුද්ගලයෙක් මරුට

වැලිගම පොලිස් වසමේ මහානැවියා පාර, වල්ලිවල ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට අද (4) අළුයම 1ට පමණ වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. පොලීසිය පවසන්නේ මෙම වෙඩි තැබීමෙන් එක්...

අද වැසි තත්වය ගැන දැනුම් දීමක්

අද (4) දිනයේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි...

පුංචි ඡන්දයේ සංශෝධිත පනත් කෙටුම්පත මැති සබයට

පළාත් පාලන මැතිවරණ සංශෝධිත පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න...

POPULAR ARTICLES

වැලිගම වෙඩි තැබීමක්: පුද්ගලයෙක් මරුට

වැලිගම පොලිස් වසමේ මහානැවියා පාර, වල්ලිවල ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට අද (4) අළුයම 1ට පමණ වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. පොලීසිය පවසන්නේ මෙම වෙඩි තැබීමෙන් එක්...

අද වැසි තත්වය ගැන දැනුම් දීමක්

අද (4) දිනයේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි...

ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය මිය ගිහින්

ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය වූ හංගේරියාවේ ඇග්නස් කෙලෙටි අභාවප්‍රාප්ත වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඇග්නස් කෙලෙටි අසනීප තත්ත්වයක් හේතුවෙන් හංගේරියාවේ බූඩපෙස්ට්හි හමුදා රෝහලේදී...