තමන් ඊයේ (14) දින යාල වනෝද්‍යානය වෙත ගියේ විනෝද චාරිකාවක් සඳහා නොව අධ්‍යාපන කටයුත්තක් සඳහා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඒ, ඔහු ඊයේ දින උදෑසන යාල වනෝද්‍යානයට යාම සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ ඇතිවූ ආන්දෝලනාත්මක තත්වය සම්බන්ධයෙන් පිළිතුරු දෙමින්.
බොහෝ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් සහ දේශපාලන ක්‍රියාකාරිකයින් ඊට දැඩි විවේචනාත්මක ප්‍රතිචාර දක්වමින් සටහන් තබා තිබුණේ රටේ දැඩි ආර්ථික සහ දේශපාලන අර්බුදයක් තිබියදී රටේ විපක්ෂ නායකවරයා ‘යාල සවාරි ගසන’ බව කියමිනි.
කෙසේ නමුත්, තමන් හදාරමින් සිටින පරිසර විද්‍යාව පිළිබඳ විද්‍යාපති (MSc) උපාධි පාඨමාලාවේ 10 වැනි අදියරෙන් 25%ක්ම ඇත්තේ ක්ෂේත්‍ර අධ්‍යන කටයුතු බවත් අවස්ථාවක් ලද මොහොතේ අද උදෑසන පැය 3ක කාලයක් එම අධ්‍යන කටයුතු සඳහා වැය කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.