දින කිහිපයක් ඇතුළතදී කඩිනමින් ඉන්ධන හිඟය අවසන් කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
බලශක්ති අමාත්‍යංශයේ බලධාරීන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පලකළා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මේ වනවිට කොලොන්නාව සහ මුතුරාජවෙල සිට ඉන්ධන බෙදාහැරීම සිදුකෙරෙන බවයි.
ඒ අනුව අද (17) සිට ඉන්ධන බෙදාහැරීම කඩිනමින් ක්‍රමවත්ව කිරීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳවද එහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
කෙසේවෙතත් මේ වන විට දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් අසළ දැවැන්ත පෝලිම් දක්නට ලැබෙනවා.