25 C
Colombo
Friday, January 3, 2025

මම යන්නේ අවුරුදු 6 සම්පූර්ණ උනාම – නන්දලාල්

- Advertisement -

ශ්‍රී ලංකාවේ දිගු කාලීන දේශපාලන අස්ථාවරත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ආධාර සාකච්ඡාවල ප්‍රගතිය ප්‍රමාද කළ හැකි බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ රොයිටර් පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්වන සාකච්ඡාවල ප්‍රගතියක් ලබා ගැනීමටත් ඉන්ධන, ගෑස් සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිගයට විසඳුම් සෙවීමටත් ඉතා ඉක්මණින් ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති විය යුතු බවයි මහ බැංකු අධිපතිවරයා මෙහිදී පවසා ඇත්තේ.

වසර හයක ධුර කාලය සම්පූර්ණ වන තුරු තමා මහ බැංකු අධිපති ධුරයේ කටයුතු කරන බව ද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා.

මේ අතර ඉන්දියානු සංචිත බැංකුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 01 ක විදේශ මුදල් හුවමාරු පහසුකමක් ලබා ගැනීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බවද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඉන්ධන මිලදී ගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 500ක ණය පහසුකමක් ලබා ගැනීමටද ඉන්දියාව සමග සාකච්ඡා කරමින් සිටින බවයි ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

RECENT ARTICLES - SINHALA

මාතර බන්ධනාගාර සිද්ධිය ගැන විමර්ශනයක්

ගසක අත්තක් කඩා වැටීමෙන් බන්ධනාගාරයේ රැඳවියෙක් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර බන්ධනාගාරය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ මෙම...

තරුණියක් රෝහලට යෑවූ පිටකොටුවේ බීම බෝතලය

පිටකොටුව, පීපල්ස් පාර්ක්හි පිහිටි ආපන ශාලාවකින් මිලදීගත් පැණි බීම බෝතලයක් පානය කිරීමෙන් පසුව රෝගාතුර වූ 19 හැවිරිදි තරුණියක් රෝහල්ගත කර තිබෙනවා. පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ...

පාසල් මගහරින උසස් පෙළ සිසුන් ගැන හොයන්න

උසස් පෙළ අධ්‍යාපනය හදාරන සිසුන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයාබැලිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ කුමන හේතුවක් මත හෝ දරුවන්ට...

POPULAR ARTICLES