26 C
Colombo
Friday, January 24, 2025

මම මමමයි, මැරෙනකල් වෙනස් වෙන්නෙ නෑ..! – රන්ජන්

- Advertisement -

බන්ධනාගාරගතව සිට නිදහස් වීමෙන් අනතුරුව තමා වෙනස් වේ දැයි ඇතැමුන් විමසන නමුත් තමා තමාම බවත් තමා කිසිවෙකුට බිය නොමැති බවත්, පක්ෂ මාරු කිරීමකට හෝ කඩේ යාමකට සූදානම් නොමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පවසනවා.

ඒ, අද (26) දින පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

කෙසේ නමුත්, අදහස් දැක්වීම සම්බන්ධව තමාට යම් වාරණයක් පනවා ඇති නිසා තමා ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වීමෙන් වලකින බවයි ඔහු පවසන්නේ.

තමාට ලැබී ඇති අර්ධ නිදහස හෝ ලබාදීමට උපකාර කළ පිරිසට තමා ස්තූතිවන්ත වන බවත් සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ අතර නැවත සබඳතාවක් ඇති කිරීමට හැකි නම් තමා ඒ කටයුත්ත සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

එමෙන්ම තමන්ට කිසියම් ගෝලීය තානාපති තනතුරක් භාරගන්නා ලෙසට අමාත්‍ය මනූෂ නානයක්කාරගෙන් ඇරයුමක් ලද බවත් තවමත් ඒ සම්බන්ධව තීරණයක් ගෙන නොමැති බවත් ඔහු පවසනවා.

කෙසේ නමුත්, අවසානයේදී තමා සිරගතව සිටියදී ආහාර රැගෙන ආ පිරිසට ස්තූතිවන්ත වෙමින් ” හිරකාරයෙක්ට කෑමපාර්සලයක් කියන්නෙ නිධානයක්” යැයි ඔහු පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

ලංකාවෙන් පිට කළ වත්කම් ගන්න ස්විට්සර්ලන්තයේ සහය

ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති...

Breaking: මහින්දගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ඉවත් කරනු ලැබූ සිය ආරක්ෂිත සංචිතය යළි ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික...

ඊ ටිකට් මාෆියාවට තවත් තුනක් අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කරවාගැනීමේදි වැඩි මිලට දුම්රිය ටිකට්පත් අලෙවි කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සහායක ශිල්පියකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ...

POPULAR ARTICLES

‘වෝන් – මුරලි’ ටෙස්ට් තරඟයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත තරඟ 2කින් යුත් 'වෝන් - මුරලි' ටෙස්ට් තරඟාවලිය සඳහා තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද (24) නම් කර...