31 C
Colombo
Saturday, November 16, 2024

මම ලේසියෙන් දේශපාලනෙන් සමුගන්නෙ නැහැ – මහින්ද

- Advertisement -

ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය හොද බවත් ඔවුනට රටේ පාලනය කරගෙන යාමට හැකි බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

රටේ ජනතාව ලබා දුන් ජනතා මතයට ගරු කරන බවත් බලාපොරොත්තු වු ඡන්ද ගණන ලැබුනු බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා.

තමා විසින් සිදු කළ සංවර්ධන කටයුතු අතර මග නතර කිරිමට හේතුවක් නොමැති බවත් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කිසිදු සාකච්ඡාවක් නොමැති බවත් පවසා සිටියා.

”රට ගොඩයන්නත් පුලුවන් .වැටෙන්නත් පුලුවන් .සංවර්ධන කටයුතු නතර කරන්න හේතුවක් නැහැ.දේශපාලන පළිගැනිම් කරපු අයට වෙලා තියන දේවල් දැකලා තියනවනේ…..පිස්සුද..එහෙම ලේසියෙන් සමුගන්නෙ නැහැ.කවුද දේශපාලනෙන් සමු අරන් තියෙන්නේ..රනිල්ට වුනදේ ගැන දුක හිතෙනවා.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන එක්ලක්ෂ 45,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මේ මස 20 වනදා සිදු කිරීමට නියමිතව තිබෙනවා. මහ බැංකුව නිවේදනය කළේ, දින 91 කින්...

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම්දීමක්

දුම්රිය හරස් මාර්ග හරහා රිය ධාවනය කිරීමේදී අනතුරු වළක්වා ගැනීම සදහා සැලිකිලිමත් වන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළා. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ. ඉදිපොලගේ කියා...

අහුංගල්ලේදී රුසියානු කාන්තාවක් දූෂණය කළ අයෙක් සොයා මෙහෙයුම්

අහුන්ගල්ලේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක් තුළදී රුසියානු ජාතික කාන්තාවක් දූෂණය කර ඇතැයි පොලීසිය පවසනවා. ඒ අනුව, සැකකරුව අත්අඩංගුවට ගැනීමට මේ වන විටත් විමර්ශන ක්‍රියාත්මකයි. අහුන්ගල්ලේ පිහිටි ප්‍රසිද්ධ...

POPULAR ARTICLES