31 C
Colombo
Saturday, October 5, 2024

මම අස් වෙන්නෙ නැහැ – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

- Advertisement -

තමා කිසිඳු අවස්ථාවක ජාතික රෝහල තුළ කාර්යාල අඩස්සියට පත් නොවු බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා.

ඔහු සඳහන් කර ඇත්තේ සේවකයින් කිහිප දෙනෙකු උද්ඝෝෂණය කළ පමණින් තමන් සේවයෙන් ඉවත් වීමට කිසිදු අවස්ථාවක සුදානම් නොමැති බවයි.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කොළඹ ජාතික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් මේ වනවිට එම සේවකයින් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඒ අනුව, එම ප්‍රකාශයට විරෝධය පළ කරමින් ඊයේ (17) දිනයේදී වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැය 06ක පමණ කාලයක් කාර්යාල අඩස්සියේ තබා ගැනීමට සේවකයින් කටයුතු කර තිබුණා.

මේ අතර, අද (17)  දිනයේත් ජාතික රෝහල තුළ විරෝධතා ක්‍රියාමාර්ගයක් දියත් කර තිබුණා.

මෙහිදී කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් සඳහන් කර ඇත්තේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ජාතික රෝහලේ සේවයට වාර්තා කළහොත් තමන් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවය.


RECENT ARTICLES - SINHALA

අශේන් පාර්ලිමේන්තු මැතිවරණයට

යූටියුබ් අවකාශයේ  සහ සමාජ මාධ්‍යජාලවල ප්‍රසිද්ධියට පත් පුද්ගලයෙකු වන අශේන් සේනාරත්න පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ අනුව, එළඹෙන මහ මැතිවරණයේදී ඔහු...

ජනපති අපේක්ෂකයන්ගේ ප්‍රචාරක වියදම් වාර්තා ගැන අනාවරණයක්

මැතිවරණ වියදම් සීමා කිරීමේ පනතට අනුව ජනාධිපතිවරණයට තරඟ කළ අපේක්ෂකයින් 38 දෙනාම ලබන 12 වැනිදාට පෙර සිය ප්‍රචාරණ වියදම් වාර්තා මැතිවරණ කොමිසමට යොමුකළ යුතු...

නිල ණය හිමි කමිටුව සහ IMF අතර සාකච්ඡා සාර්ථකව අවසන්

ශ්‍රී ලංකාවේ නිල ණය හිමි කමිටුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති සාකච්ඡා සාර්ථකව නිම කළ බව මුදල් අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින්, මුදල් අමාත්‍යංශය...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

Breaking: ශිෂ්‍යත්ව විභාගය ගැන රජය ගත් විශේෂ තීරණය

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති...