26 C
Colombo
Monday, January 20, 2025

සැලසුම් කරල දිනේ කියන්නම් එදාට පාරට බහින්න ලෑස්ති වෙන්න – AKD

- Advertisement -

සැලසුම් කර දිනය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මහමගට පැමිණීමට සූදානම් වන ලෙස ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ, ඊයේ (14) දිනයේ මොණරාගල පැවති ජන රැලියක් අමතමින්.

ව්‍යවස්ථාවෙන් පැවරී නොමැති බලයක් භාවිතා කරමින් මැතිවරණය කල් දැමීමට ජනාධිපතිවරයා විසින් කල් දැමීමට උත්සහ දරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

“භාණ්ඩාගාරයේ සල්ලි හොරෙක් අල්ලගෙන ඉන්නවා. දැන් මොකක්ද කරන්න ඕනෙ? හොරා එලවන්න පාරට එන්න ඕනෙ. අපි තමුන්නාන්සෙලාට සැලසුම් කරලා දිනය කියන්නම්, එදාට පාරට බහින්න ලෑස්ති වෙලා ඉන්න. මේ විකෘති දේශපාලනය නතර කරන්න ඕනෙ. හැමදාම දේශපාලනය කියලා හිතුවෙ මොකක්ද? රාජපක්ෂ ගැති රනිල් වික්‍රමසිංහට බලය එනවා. රනිල් වික්‍ර්‍රමසිංහ යද්දි රාජපක්ෂලාට බලය එනවා. රනිල්-රාජපක්ෂලා යද්දි සජිත්ලාට බලය එනවා. ඒ ගොල්ලො හිතන් ඉන්නෙ මේක තමයි දේශපාලනය කියන්නේ කියලා. එයා නැත්තන් අරයා. දෙන්නම නැත්තන් සජිත්. ඉතිහාසයේ පළමු වතාවට දූෂිත ප්‍රභූ පාලනයෙන් ජනතාවගේ අතට බලය මාරු වන සංඥාවක් මතුවෙලා තියෙනවා.”

රනිල් වික්‍රමසිංහගේ මාමා වන J.R. ජයවර්ධන විසින් ද මේ ලෙසම ජනතාවගෙන් ඡන්ද අයිතිය උදුරා ගැනීම නිසා මතුවූ විරෝධතාවයන්ගෙන් ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයන් විශාල පිරිසකගේ ජීවිත අහිමි වූ බවත් කොටි ත්‍රස්තවාදය හිස එසවීමට හේතු වූයේද මැතිවරණ නොපැවැත්වීම බවත් අනුර කුමාර දිසානායක පවසනවා.

එමෙන්ම, හිතාමතාම රාජකාරිය පැහැර හරින, මැතිවරණ කල් දැමීමේ කුමණ්ත්‍රනයට සහය දෙන රාජ්‍ය නිලධාරීන්ට ද තමන්ගේ රජයක් යටතේ නඩු පවරන බවයි ඔහු අවධාරණය කරන්නේ.

ජනතා මනාපයක් නොමැති රජයකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ද නොලැබෙන බවත් එබැවින්, ජනතා මතය විමසීමට මැතිවරණ පැවැත්වීම අත්‍යාවශ්‍ය කාරණයක්ව ඇති බවත් ජාතික ජනබලවේගයේ නායකයා පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුව ෆේල්

වර්තමාන ආණ්ඩුවේ දින 100 ප්‍රගති වාර්තාව දෙස බැලූ විට සාර්ථකත්වයට පත්ව නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා. එමෙන්ම ආණ්ඩුවේම මැති...

අනුරගේ ප්‍රකාශයට නාමල්ගෙන් උත්තර

ජාතික ජනබලවේගය ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල නිවස භාරදීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා...

වරාය නිසා බිමල් කනස්සල්ලෙන්

ජනාධිපතිවරයා උපදෙස් දුන් ආකාරයට වරායේ කටයුතු සිදු නොවන බව ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. ජනාධිපතිවරයා දුන් උපදෙස් අනුව...

POPULAR ARTICLES

අමෙරිකාවේ 47 ජනපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දෙයි

අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ධුරයේ දිවුරුම් දී තිබෙනවා. දිවුරුම් දීමට අදාළ නිල උත්සවයේ කටයුතු වොෂින්ටන්...

ආණ්ඩුව ෆේල්

වර්තමාන ආණ්ඩුවේ දින 100 ප්‍රගති වාර්තාව දෙස බැලූ විට සාර්ථකත්වයට පත්ව නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා. එමෙන්ම ආණ්ඩුවේම මැති...

අනුරගේ ප්‍රකාශයට නාමල්ගෙන් උත්තර

ජාතික ජනබලවේගය ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල නිවස භාරදීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා...