තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට සූදානම් බව රනිල් වික්‍රමසිංහ පවසනවා.
එමෙන්ම, සිය ඉල්ලා අස්වීමෙන් පසුව සර්ව පාක්ෂික රජකට ඉඩලබා දෙන බවයි ඔහු පවසන්නේ.
දීප ව්‍යාප්ත ඉන්ධන බෙදා හැරීම මේ සතියේදී යළි ආරම්භ කිරීමට නියමිත බවත්, ලෝක ආහාර වැඩසටහනේ අධ්යක්ෂවරයා මේ සතියේ දිවයිනට
පැමිණීමට නියමිත බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාර වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත බවත්
සැලකිල්ලට ගෙන තමන් මෙම තීරණය ගන්නා බවයි අගමැතිවරයා සඳහන් කරන්නේ.
එබැවින් පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඔහු විරුද්ධ පක්ෂ නායකයින්ගේ මෙම නිර්දේශයට එකඟ වන බවද නිවේදනය කර තිබෙනවා.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් මෙන්ම රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන්ද වහාම ඉවත්විය යුතු බවට පක්ෂ නායක රැස්වීමේදී තීන්දු කර තිබුණා.
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් zoom ඔස්සේ අද පැවති පක්ෂ නායක හමුවේදී පක්ෂ නායකයින් පවසා ඇත්තේ ඔවුන් ඉවත් වී, ව්‍යස්ථාවට අනුව කථානායකවරයාට තාවකාලිකව ජනාධිපති බලතල පැවරිය යුතු බවටයි
පක්ෂ නායකයන්ගේ තීන්දුවට තමන් එකඟ වන බවයි ගෝඨාභය මීට පෙර නිවේදනය කර තිබුණා.
https://www.news19.lk/speaker-to-the-presidency/