ජනාධිපතිවරයාට යාමට වෙනත් රටක් සහ දේපල වත්කම් තිබුණද මෙරට ජනතාවට ඇත්තේ මෙම රට පමණක් බව පේෂල මනෝජ් පවසනවා.
ඒ අද දින දියත උයන අසල පැවති විරෝධතාවයට සහභාගී වෙමින්.
ජනාධිපතිවරයාගේ වත්කම් පිළිබඳව කෝපයක් හෝ ඊර්ෂ්‍යාවක් නොතිබුණද මේ රටේ අනාගත පරපුර ගැණ සිතා ඔහු තනතුරෙන් ඉවත්ව යා යුතු බවයි පේෂල මනෝජ් පෙන්වා දෙන්නේ.
එමෙන්ම, ජනාධිපතිවරයා ඉවත්ව නොයන බවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසන්නේ ජොන්ස්ටන් අමාත්‍යවරයා පාර්ලිමේන්තු ආරක්ෂාවට මුවාවී එලෙස පැවසුවද අරගලයක් සිදුවන තැනකට පැමිණ හැකිනම් එවැනි ප්‍රකාශයක් කරන්නැයි තමා අභියෝග කරන බවයි.
“කට තියෙනවා නම් ඕන දෙයක් කියන්න පුළුවන් ඒ තැන් වල. කට නැත්තම් බල්ලොත් ඇදන් යනවා” යැයි ඔහු පවසනවා.