28 C
Colombo
Sunday, September 15, 2024

‘බාර් එක ඇරියොත් කාටවත් ඡන්දෙ දෙන්නේ නැහැ’

- Advertisement -

වටවල කුයිල්වත්ත ප්‍රදේශයේ අලුතින් විවෘත කිරීමට නියමිත මත්පැන් අලෙවි බලපත්‍රය අවලංගු කිරිමට රජය පියවර නොගතහොත් වටවල ප්‍රදේශයේ කිසිදු ඡන්ද දායකයෙකු ජනාධිපතිවරණයේදි කිසිදු අපෙක්ෂකයෙකුට ජන්දය භාවිතා කිරිමෙන් වැළකී සිටින බව මත්පැන් අලෙවිසැල විවෘත කිරිමට එරෙහිව උද්ඝෝෂණයේ නිරත වු වතු කම්කරුවන් පිරිසක් පවසනවා.

වටවල කුයිල්වත්ත ප්‍රදේශයට අලුතින් මත්පැන් අලෙවිසැලක් විවෘත කිරීම සඳහා රජයෙන් නව මත්පැන් බලපත්‍රයක් ලබාදීමට එරෙහිව වතු කම්කරුවන්, ප්‍රදේශවාසින් සහ පාසල් ළමුන් පිරිසක් පසුගිය දින කිහිපය පුරාම එම මත්පැන් අලෙවිසැල විවෘත කිරිමට නියමිත ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණවල නිරත වුණා.

උද්ඝෝෂණයේ නිරත වු වතු කම්කරුවන් කියා සිටියේ තමුන්ට රජයෙන් වැඩිකළ රුපියල් 1700 වැටුප මෙතෙක් ලබාදිමට රජය කටයුතු නොකර සිටියදී, දැනට දෛනිකව ලබා ගන්නා රුපියල් 1000 වැටුපෙන් ජිවත් විමට පවා නොහැකිව ඇති පසුබිමක අලුතින් මත්පැන් අලෙවිසැලක් විවෘත කළහොත් තමන් තවත් ආර්ථික වශයෙන් පහතට වැටෙන බවයි.

තවද වටවල සිට හැටන් දක්වා කිලෝමිටර් පහක් තුල මත්පැන් අලෙවිසැල් හතරක් ඇති බවත්, වතුකරයට මෙපමණ මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමනෙ රජය අපෙක්ෂා කරන්නේ වතු කම්කරු ආර්ථික වශයෙන් තවදුරටත් පහළ දැමීමට බවත්  උද්ඝෝෂකයන් කියා සිටිනවා.

මේ අතර, උද්ඝෝෂකයන් හමුවට පැමිණි දමිල ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වී.රාධාක්‍රිෂ්ණන් මහතා පවසා ඇත්තේ වටවල කුයිල්වත්ත ප්‍රදේශයේ අලුතින් විවෘත කිරිමට සැලසුම් කර ඇති මත්පැන් අලෙවිසැලට මහජන විරෝධයක් මතුව ඇති නිසා එම මත්පැන් අලෙවිසැලට ලබා දි ඇති බලපත්‍රය අවලංගු කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇති බවයි.

මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශයෙන් පසු උද්ඝෝෂණයේ නිරත වි සිටි පිරිස  අවධාරණය කර සිටියේ අදාළ මත්පැන් අලෙවිසැල විවෘත කලහොත් 2024 ජනාධිපතිවරණයේදි වටවල ප්‍රදේශයේ කිසිදු ඡන්ද දායකයෙකු ඡන්දය ප්‍රකාශ කිරිමෙන් වැළකී සිටින බවයි.

(හැටන් – රංජිත් රාජපක්ෂ)

RECENT ARTICLES - SINHALA

සමාජ මාධ්‍යය සඳහා මැතිවරණ කොමිසමෙන් විශේෂ වැඩපිළිවෙළක්

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වූ පසු සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරනු ලබන ප්‍රචාරයන් වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව, මැතිවරණ කොමිසම පවසනවා. නිහඬ කාලසීමාවේ...

තරුණියන් දෙදෙනෙක් දියේ ගසාගෙන ගිහින්

නාඋල, බෝවතැන්න ජලාශයේ සොරොව්ව විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟේ ජල මට්ටම ඉහළ ගොස් මොරගොල්ල ප්‍රදේශයේ දිය නාමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු දියේ ගසාගෙන ගොස් තිබෙනවා. කෙසේ...

ඡන්ද කාඩ් නොලැබුණු අයට දැනුම්දීමක්

ලබන සෙනසුරාදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුනු පුද්ගලයින්ට, ලබන බදාදා සිට තමන්ට ලිපි බෙදන තැපැල් කාර්යාලයට ගොස් එම පත්‍රිකා ලබා ගත...

POPULAR ARTICLES

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...

මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් (වීඩියෝ)

0
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා. ජනාධිපති...

බදුල්ලේ බිහිසුණු අනතුරක්

බදුල්ල නගර මධ්‍යයේ ඇති මුතියංගණ රජමහා විහාරය ඉදිරිපිට දී අද පෙරවරුවේ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. වේගයෙන් ධාවනය කල මෝටර් රථයක් ඉදිරියෙන් අපරීක්ෂාකාරීව හැරවූ යතුරු පැදියකද...