24 C
Colombo
Saturday, November 16, 2024

රට වැහුවොත්, පඩි බාගයයි..! – ඇමති සිසිර

- Advertisement -

දින 14කට රට වසා දමන්නේ නම් රාජ්‍ය සේවකයන් මාස භාගයක වැටුප් පමණක් ලබාගැනීමට එකඟ විය යුතු බවට දේශීය වෙදකම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා අවධාරණය කර සිටිනවා.

ඒ, ඊයේ (19) කළුතර ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මැති ඇමතිවරුන්ද මීට එකඟ වියයුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම, දින 14ට පමණක් මාස බාගයක වැටුපක් ලබා ගැනීමෙන් ඉතිරිවන මුදලින් එදිනෙදා ජීවිකාව සොයාගන්නා ලක්ෂ 80කට වැඩි පිරිසකට සහන ලබාදීමට යොදවන බවයි ඔහු පවසන්නේ.

“ඉතිං විවිධ පාර්ශව වලින් ඒ යෝජනා ඉදිරිපත් වෙනවා රට වසන්න කියලා. ඉතිං අපි විශ්වාස කරනවා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මැති ඇමතිවරුන් සහ සියලුම රජයේ සේවකයිනුත් මාසයේ වැටුපෙන් අඩක් ලබාගන්නවා නම්, අඩක් රජයට පරිත්‍යාග කරලා අඩක් විතරක් නම් ලබාගන්නෙ දින 14කට රට වසා දමන්නේ නම් මන්ත්‍රීවරුත්, ඇමතිවරුත්, රජයේ සේවකයො සියලු දෙනාත් වැඩ කරන දින 14ට පමණක් මාස බාගයක වැටුපට එකඟ වෙන්න ඕනෙ. එවැනි තත්වයකට ගමන් කරනවා නම් එවැනි යෝජනාවක් එක්ක තමයි රට වසා දැමීමට කියලා තීරණය කරන්න ඕනෙ. විශේෂයෙන්ම ඒ ඉතුරු වෙන මුදල මේ රටේ ලක්ෂ 80කට වැඩි පිරිසක් ඉන්නවා එදිනෙදා ජීවත් වෙන. ඒ අයට සහන සැපයීම සඳහා ඒ මුදල් ටික භාවිතා කරන්න ඕනෙ”

කෙසේවෙතත්, ජනතා විරෝධයක් එල්ල නොවූයේ නම් වසංගතයක් මධ්‍යයේ වුවද මන්ත්‍රීවරුන් හට සුඛෝපභෝගී වාහන ගෙන්වීමට පසුබට නොවන පසුබිමක, දෛනික ආදායම් ලබන්නන්ගේ වියදම සපුරාලිය යුත්තේ රාජ්‍ය සේවකයන්ගේ ආදායමෙන් යැයි රාජ්‍ය අමාත්‍යවරයා සිතීම හාස්‍යජනක බව ජනතාවගේ අදහසයි


RECENT ARTICLES - SINHALA

පශ්චාත් මැතිවරණ සමයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කළ දිනයේ සිට සතියක කාලයක් පශ්චාත් මැතිවරණ කාලසීමාව ක්‍රියාත්මක බව පොලීසිය දැනුම්දෙනවා. ඒ අනුව, එම කාලය තුළද , සාමකාමීව කටයුතු කරන්නැයි...

මෙවර මැතිවරණයේදී ප්‍රතික්ෂේප වූ ඡන්ද ගණන

මෙවර මහ මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 667, 240ක් ප්‍රතික්ෂේපවී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා...

පාර්ලිමේන්තුවෙන් විසිවුණු හිටපු මැති ඇමතිවරු

ජාතික ජන බලවේගයෙන් අලුත් පිරිසක් පාර්ලිමේන්තු වරම් ලැබීමත් සමඟ හිටපු මැති ඇමතිවරු රැසකට පසුගියදා (14) පැවති මහ මැතිවරණයේදී සිය මන්ත්‍රිධුර අහිමි වී තිබෙනවා. විවිධ පක්ෂ...

POPULAR ARTICLES