24 C
Colombo
Sunday, January 19, 2025

බලාපොරොත්තු වූ වෙනස අපෙන් වුනේ නැත්නම් අලුත් බලවේගයක් බලයට ගේන්න – ජනපති

- Advertisement -

තමන්, තම අමාත්‍ය මණ්ඩලය හෝ මන්ත්‍රී කණ්ඩායමෙන් ජනතාව බලාපොරොත්තු වන වගකීම් ඉටු නොවන්නේ නම් යළි පැරණි කණ්ඩායම් බලයට පත් නොකර අලුත් බලවේග සොයන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අරලියගම මන්දිරයේදී අද (10) පැවති ජාතික විද්‍යා දින සැමරුම් උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පලකළා.

රටක විපක්ෂයක් කළ යුත්තේ ආණ්ඩු පක්ෂය ගෙන යන සියලුම ව්‍යාපෘතීන් විවේචනය කිරීම නොවන බවද ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළා.

විරුද්ධ පක්ෂය තමන්ගේ වගකීම් හඳුනාගෙන කටයුතු කල යුතු බවත් රට වෙනුවෙන් ආණ්ඩුව සමග ක්‍රියාත්මක වන විපක්ෂයක් තමන් බලාපොරත්තු වන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

රට නව සාමාන්‍යකරණය යටතේ විවර වූ අවස්ථාවේ සිට ගෙන යන උද්ඝෝෂණ හරහා තවත් කොවිඩ් රැල්ලක් ඇති විය හැකි බව පෙන්වා දෙන ජනාධිපතිවරයා සදහන් කළේ එසේ වුවහොත් යළි රට වසා දැමීමට සිදුවන බවයි.

මේ අතර , ආරක්ෂක අංශ වලට මෙන්ම විදේශයන්හි අධ්‍යාපනය හදාරන සිසුන්ට ද මෙරට අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලබා දීමේ වැදගත්කම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පල කළා.

එහිදී ඔහු සදහන් කළේ කොතලාවල විශ්වවිද්‍යාලය වැනි ආයතන අධ්‍යාපන කඩයක් හෝ වෙළඳාමක් කිරීමට නොව ඒවා තවත් දියුණු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමේ අවශ්‍යතාව පවතින බවයි.

ඒ සඳහා අවශ්‍ය නීති රීති සංශෝධනය කර හෝ අධ්‍යාපනය නගා සිටුවීමට කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

නායයාම් සම්බන්ධව පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. එම සංවිධානය පැවසුවේ අද (19) පෙරවරු 8.00 සිට හෙට පෙරවරු...

තවත් ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමක්

මල්වතු ඔය ද්‍රෝණියේ ඉහළ හා පහළ ප්‍රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් පහල ධාරා ප්‍රදේශයේ තන්තිරිමලේ සිට පහළ ප්‍රදේශවල ඔයෙහි ජල මට්ටම ගංවතුර...

තැන තැන හමු වූ නාඳුනන මළ සිරුරු

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් හමු වූ නාඳුනන මළ සිරුරු කිහිපයක් සම්බන්ධව පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඊයේ (18) දිනයේ දී මෙම මළ සිරුරු හමු වූ බවද...

POPULAR ARTICLES