25 C
Colombo
Monday, November 18, 2024

ආණ්ඩුව වැරදි පාරේ ගියොත් මම පාරට බහිනවා – විමල්

- Advertisement -

නව ආණ්ඩුවට උතුරේ ජනතාවගෙන් ලැබුණු ඡන්ද ජාතිවාදයට විරුද්ධ ඡන්දයක් පමණක් නොවන බවත් එය බෙදුම්වාදයටද විරුද්ධ ඡන්දයක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ,බෙදුම්වාදයට පක්ෂපාතී දෙමල ජාතික සන්ධානය තෝරාගැනීම වෙනුවට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික ජන බලවේගය තෝරා ගැනීමෙන් ඒ ප්‍රදේශවල දෙමළ ජනතාව ඒ අසාමාන්‍ය ඡන්දය ලබාදීමෙන් තමන් ජාතිවාදය මෙන්ම බෙදුම්වාදයටද විරුද්ධ බවට පෙන්වාදී තිබෙන බවයි.

එම අර්ථය තේරුම් ගනිමින් ආණ්ඩුව කටයුතු කිරීම ඉතා වැදගත් බවයි ඔහු පවසන්නේ.

කැනේඩියානු දෙමළ සංගමය වැනි ආයතන නැවතත් ජාතිවාදී, ආගම්වාදී, බෙදුම්වාදී ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙන බවත් ඒවා සංතර්පනය කිරීම වෙනුවට ඒකීය රාජ්‍යයක් තුළ සියලු ජනතාවගේ අභිමාතාර්ථ ඉටුකරන ගමනක් ආණ්ඩුව යා යුතු බවද ාමාත්‍යවරයා සඳහන් කළා.

මෙම ජනවරම මගින් ජනතාව වඩාත් අපේක්ෂා කරන්නේ ආර්ථික අර්බුදය කඩිනමින් විසඳා ජනතාවට සාධාරණ ඉටුවන හෙට දවසක් උදා කර ගැනීම බවද විමල් වීරවංශ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අද (18) මාධ්‍යට අදහස් දක්වමින්.

ඔවුන්ගේ දේශපාලන කටයුතු ඉදිරියට කරගෙන යන බවත් කිසි ලෙසකින්වත් රටට අදාල වගකීම භූමිකාව, කාර්යභාරය කිසිමදාක අත් නොහරින බවත් ඒ වෙනුවෙන් දිගටම කැපවෙන බවත් ඔහු එහිදී කියා සිටියා.

ඔහු පවසන්නේ, ආණ්ඩුව නිවැරැදි ගමනක නොකරන්නේ නම් ජාතික නිදහස් පෙරමුණේ භූමිකාව ජනතාව පෙළගස්වමින් ඊට නායකත්වය ලබාදීම බවයි.

එමෙන්ම සර්ව ජන බලයට එක ආසනයක් හිමිවීම පමණක් සතුටට පත් නොවන බවත් ආසන පහක්වත් හිමිවුණා නම් සතුටට පත් වීමට හැකි බව විමල් වීරවංශ මහතා වැඩිදුරටත් කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

නායගිය පස්සර – බිබිල මාර්ගය ගැන දැනුම්දීමක්

පස්සර - බිබිල ප්‍රධාන මාර්ගය, පස්සර 13 කණුව ප්‍රදේශයේ නාය යාම හේතුවෙන් අද (18) අලුයම 3.00 පමණ සිට එහි වාහන ගමනා ගමනය ඇණහිට තිබෙනවා. අද...

හෙට පැය අටක ජල කප්පාදුවක්

0
අනුරාධපුර ප්‍රදේශ කිහිපයකට හෙට (19) දිනයේදී පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම...

අලිරාජාගේ ව්‍යාපෘතිය පරාජය වුණා

මෙවර මහ මැතිවරණය සඳහා රුපියල් කෝටි 120ක් වැය කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ලබා ගැනීමේ ලයිකා මොබයිල් හිමිකරු අලිරාජා සුභාෂ්කරන්ගේ කුමන්ත්‍රණය ජනතාව විසින් පරාජය...

POPULAR ARTICLES