නිවැරදි ජනාධිපතිවරයෙක් සිටිනවා නම්, ගමේ ඡන්දය පැත්තකින් තබා, මේ අවස්ථාවේදී ප්‍රමුඛතාවය විය යුත්තේ පළමුවත් ආර්ථිකය, දෙවනුව සහ තෙවනුවත් ආර්ථිකය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහහා පවසනවා.
අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.
එමෙන්ම මේ අවස්ථාවේදී සියලුම ක්ෂේත්‍ර එක්කර ගත යුතු බවයි ඔහු පවසන්නේ.
රට ඉදිරියේදී දරුණු අගාධයට කඩා වැටෙන බවත්, මේ අවස්ථාවේදී සියලු දෙනාට ආරාධනා කර, එයට මුහුණදීම සඳහා වැඩසටහනක් සකසාගත යුතු බව රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.