දිවයින පුරා රෝහල්වල පවත්නා ඖෂධ හිඟය හේතුවෙන් දේශීය වෛද්‍ය ප්‍රතිකාර තුළින් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීමට ගත හැකි කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ විමසා බැලීමේ විද්වත් හමුවක් ඊයේ (03) නාවින්න දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේදී දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
එහිදී දේශීය වෛද්‍ය ප්‍රතිකාර තුළින් සාර්ථක පිළියම් සහිත රෝග සඳහා ජනතාව නැඹුරු කරලීමත්, ඉපැරණි අත්බෙහෙත් ඇතුළු ප්‍රතිකාරයන් තුළින් ජනතාව නිරෝගී කරලීමත් පිළිබදව දේශීය වෛද්‍යවරුන්ගේ අවධානය යොමුවී තිබෙනවා.
මීට අමතරව විශේෂිත රෝග සඳහා සුවිශේෂී හැකියාවක් දක්වන දේශීය වෛද්‍යවරුන් වෙත ජනතාව සමීප කරලීම තුළින් ඉදිරියේදී ජන ජීවිතය සුරක්ෂිත කරලීමත් සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව තීන්දු තීරණ රැසකට එළැඹ ඇති බව සිසිර ජයකොඩි මහතා පවසනවා.
අද්විතීය දේශීය ඖෂධයක් යැයි පවසමින් කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ කොරෝනා පැනියද ප්‍රවර්ධනය කිරීමට මීට පෙර සිසිර ජයකොඩි මහතා කටයුතු කළා.
ඔහු එම පැනිය ධම්මික බණ්ඩාර මහතා ලවා පාර්ලිමේන්තුවටද ගෙන්වා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට හා එවක සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසකටද පානය කිරීමට සැලැස්වූවා.