25 C
Colombo
Saturday, November 16, 2024

ගෑස් නැත්තන් මම ඉඳලා මොකටද? – සමුගනිමින් ලිට්රෝ සභාපති කියයි

- Advertisement -

පාරිභෝගික අවශ්‍යතා සපුරාලිය නොහැකි ව තවදුරටත් තනතුරේ රැඳී සිටීමෙන් ඵලක් නැති බව ලිට්රෝ සමාගමේ සභාපති ලෙස කටයුතු කළ විජිත හේරත් එම තනතුරෙන් ඉල්ලා අස්වෙමින් පවසා සිටියා.

ඊයේ (10) දින පස්වරුවේ ලිට්ට්‍රෝ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු සභාපතිවරයා කියා සිටියේ ඉදිරියේ දී ගෑස් සම්බන්ධයෙන් බරපතල අර්බුදයක් නිර්මාණය වන බවයි.

එක් මාසයකට අවශ්‍ය කරන ගෑස් ආනයනය සඳහා සිය සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 30 ක ප්‍රමාණයක් අවශ්‍ය බවත් නමුත් මේ වන විට එම මුදල සපයා ගැනීම බරපතල අර්බුදයක් බවට පත් වී ඇති බවත් ඔහු සඳහන් කළා.

මේ වන විට කොළඹ වරායට පැමිණ ඇති ගෑස් නෞකාවට මුදල් ගෙවීම ඉදිරි දින කිහිපයේදී කිරීමට හැකි බවත් ඉන් අනතුරුව ගෑස් ආනයනය කිරීම සඳහා ආයතනයට ශක්තියක් නොමැති බවත් ඔහු පවසනවා.

මෙරට දෛනික ගෑස් පරිභෝජනයෙන් 80% ක ප්‍රමාණයක් ආවරණය කරනු ලබන්නේ රජයට කොටස් හිමි ලිට්රෝ සමාගම විසින්.

කෙසේ වෙතත් මේ වන විට දිවයින පුරා ගෑස් ලබා ගැනීමේ අභිප්‍රායෙන් දීර්ඝ ගෑස් පෝලිම් නිර්මාණය වී ඇතත් එම අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට සමාගමට නොහැකි වී ඇත්තේ ගෑස් ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් සංචිත නොමැතිවීම හේතුවෙන්.


RECENT ARTICLES - SINHALA

විදෙස් නිරීක්ෂකයින්ගෙන් පොලිසීයට ප්‍රශංසා

2024 මැතිවරණ කාල සීමාව තුළ පොලිසියේ කාර්යභාරය විදෙස් නිරීක්ෂකයින් විසින් ඇගයීමට ලක් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලීසිය පවසන්නේ පසුගියදා (14) ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් තුල සිදුවූ...

ලැබුණු ජයග්‍රහණයේ බර අපි තේරුම් අරන් ඉන්නේ – ටිල්වින්

තම පක්ෂයට ලැබුණු ජයග්‍රහණයේ බර වටහා ගෙන ඇති බවත් එම බලය ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීම සඳහා පාවිච්චි කරන බවට සහතික වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ...

නව පාලනයට උපරිම සහාය දෙනවා – සජිත්

මෙරට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට සූදානම්...

POPULAR ARTICLES