මියගිය පසු සිදු කරන්නේ කුමක්ද යන්න පිළිබඳව වාද කිරීමට වඩා තමන්ට ඇත්තේ මේ වෛරසයෙන් ජනතාව බේරාගැනීමට කළ යුත්තේ කුමක්ද යන ප්රශ්නය බව ඌව බින්තැන්න දෙපළාතේ ප්‍රධාන සංඝනායක නාපටවෙල ධම්මානන්ද හිමි පවසයි.
කොවිඩ් 19 වෛරසයෙන් මියයන ජනතාවගේ සිරුරු ආදාහනය සහ භූමිදානය සම්බන්ධයෙන් මතු වී ඇති සංවාදය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේ ද සඳහන් කළේය.
‘මට නම් ප්රශ්නය තියෙන්නේ, මැරුණට පස්සෙ මොකද කරන්නේ කියන එක නෙමෙයි. මම හිතන්නේ, මේ රෝගයෙන් මිනිස්සු මැරෙන්නේ නැතිවෙන්න මොකක්ද කරන්න පුළුවන් කියන එක. අපේ රටේ නීතියෙන්ම කියලා තියෙනවා, කිසිම කෙනකුට මැරෙන්න අයිතියක් නැහැ කියලා. ඒකනෙ සිය දිවි නසා ගන්න තැත් කිරීමත් දණ්ඩ නීති සංග්‍රහයේ වරදක් වෙන්නේ. එහෙව් එකේ කෙනෙක් තව කෙනකුව මැරීම ගැන මොන කතා ද? ඒක ඊටත් වඩා වැරැදියි නේ.
මම කියන්නේ, මේ වසංගතයට ගොදුරු වෙලා කෙනෙක් නිරපරාදේ මැරෙනවා නම්, ඒකට අපි හැම දෙනාම වගකිව යුතුයි කියලයි. කෙනෙක් මැරුණට පස්සේ එයාව පිච්චුවත්, වැළැලුවත්, ගඟට දැම්මත් ඒක මිය ගිය කෙනාට වැඩක් නැහැ. ඒක ඇත්ත. නමුත්, යම් කිසි කෙනකුට ආගමික සහ සංස්කෘතික මතිමතාන්තර තියෙන්න පුළුවන්. එහෙම තියෙන බව අපි දන්නවා. ඒවට අපි ගරු කරන්න ඔ්නෙ. ඒ හින්දා සෞඛ්‍යමය තදබල ගැටලුවක් නැහැ කියලා ලෝකයේ වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂකයන් පිළිගන්නවා නම්, ඒ ගැන හිතන්න ඕනේ. අපි ලෝකයේ දකිනවා සමහර තැනක භූමදාන කටයුතු කරනවා. ඒ හින්දා ඒ ගැනත් හොයලා බලලා, සෞඛ්‍යමය ප්‍රශ්නයක් ස්ථිරවම නැත් නම් අවසන් කටයුතු කොහොම ද කරන්න ඕනේ කියලා ඒ ඒ අයට අවස්ථාවක් දීම මම හිතන්නේ මිනිස්සු හැටියට ගැටලුවක් ඇති කර ගත යුතු කාරණාවක් නෙමෙයි.’
සෞඛ්‍ය ප්‍රශ්නයක් නැත්නම් ආගමික,සංස්කෘතික මතවලට ගරු කරන්න ඕනෙ – නාපටවෙල ධම්මානන්ද හිමි
- Advertisement -
RECENT ARTICLES - SINHALA
මම එනවට අකමැති සභාපති හාදයා කවුද ?
තමන්ට රනිල් වික්‍රමසිංහ පෙනෙනා බවත් ඔහු කීප දෙනෙකුගේ ප්‍රාණ ඇපකරුවෙක් වී ඇති බවත් සිලින්ඩරයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස ඊයේ (21) දිවුරුම් දී පැමිණි රවී...
Whatsapp සමාගමෙන් නව විශේෂාංගයක්
Whatsapp සමාගම මගින් නවතම විශේෂාංගයක් හඳුන්වා දීමට සූදානම් වනවා.
මෙම විශේෂාංගය යටතේ කෙනෙකු වෙත යොමු කරනු ලබන හඬ පණිවුඩයක්, ඝෝෂාකාරි ස්ථානයකදී ලිඛිත පණිවුඩයක් ලෙස කියවීමට...
ඉන්දීය ධීවරයින් වහා නිදහස් කරන්න – තමිල්නාඩු මහ ඇමති
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයින් වහා නිදහස් කළ යුතු බව ඉල්ලමින් තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් ඉන්දීය මධ්‍යම රජය...