27 C
Colombo
Monday, April 21, 2025

හරි රජෙක් හිටියා නම් චීනෙන් අසූචි නැවක් ගේන්නෙ නැතුව මැෂිමක් ගේනවා

- Advertisement -

කළ යුතුව තිබුණේ අපද්‍රව්‍ය භාවිතයෙන් පොහොර සාදන යන්ත්‍රයක් ගෙන්වීම විනා චීනයෙන් අසූචි ආනයනය කිරීම නොවන බව ඩවලව බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය සෙවනගල සෝරත හිමියෝ පවසනවා.

ඒ, පසුගියදා ඇඹිලිපිටිය මහවැලි වළව කලාපයේ ගොවි බිම්වලට මහ කන්නය සඳහා ජලය නිකුත් කරන අවස්ථාවට එක්වෙමින්.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පමණක් නොව අතීතයේ හයවන පරාක්‍රමබාහු රජතුමාටත් චීන අධිරාජ්‍යයා උදව් කර ඇති බවයි උන්වහන්සේ පවසන්නේ.

“හයවන පරාක්‍රමබාහු රජතුමාගේ නැවක් කොල්ල කනවා. රජතුමා පල්ල වරාය අල්ලලා සොලී රට මකුළුව ගම ඇතුළු ගම් හතරක් අල්ලලා එහෙන් බදු ගත්තා අපේ රටට. ඒ වගේ රජෙක් අද හිටිය නං ගූත් චීනෙ සල්ලිත් චීනෙ. අර එව්වා නේ ගූ නැවක්, පළවෙනි වතාවෙත් චෙක්කරත් ගූ, දෙවෙනි වතාවෙ චෙක්කරත් ගූ, තුන්වෙනි වතාවෙ චෙක්කරත් ගූ,” යැයි උන්වහන්සේ පවසනවා.

මේ අතර, චීන බාල පොහොර නැව ජීව විද්‍යාත්මක බෝම්බයක් ආකාරයට තමන් දකින බව ජාතික අවදි සභාවේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් තිලක් උභයවර්ධන මහතා පවසනවා.

සුලු කොටසකගේ වාසිය තකා අතයට ගනුදෙනුවක් එහිදී සිදුව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

” එතකොට මේවා ගැන හොයන්න මේ ආරක්ෂක අමාත්‍යාංශයක් තියෙනවා. හිටපු ගමන් නැව මතුවෙනවා. දකුණු මුහුදේ ඒ නැවේ නම වෙනස් වෙනවා ආයිත් සැරයක් පරණ නමට යනවා. මොකක්ද මේ කරන්න යන සෙල්ලම කියලා” යැයි ඔහු පවසනවා.

තොග අනුමැතියක් ලබා නොදුන් නැවක් භාර ගැනීමේ හැකියාවක් නොමැති බවත් එය භාර ගැනීමට ශාක ආරක්ෂණ පනතේ විධි විධාන නොමැති බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා අවධාරණය කර සිටින නමුත් චීන පොහොර තොගය සහිත හිපෝ ස්ප්‍රිට් නෞකාව තවමත් ශ්‍රී ලංකා මුහුදේ රැඳී සිටියි.

RECENT ARTICLES - SINHALA

පාස්කු ප්‍රහාරය ගැන අපිටත් අහන්න ප්‍රශ්න තියනවා – මුජිබර්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ගැන ජනාධිපතිවරයා අප්‍රේල් 21 වැනිදා ප්‍රකාශයක් කරන බවට කී බවත්, ඒ අනුව එම ප්‍රකාශය හෙට (21) සිදු කරන තෙක් රටේ...

මැතිවරණ පැමිණිලි ඉහළට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ගත වූ දිනයේ දී මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි 162ක් ලැබී තිබෙනවා. එම කොමිෂන් සභාවේ ජාතික හා දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි...

අසාද් මවුලානගෙන් ගොඩක් දේවල දැනගන්න පුලුවන්-ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන්

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට සිදු කෙරෙන පරීක්ෂණවල තත්ත්වය පිළිබඳ තෘප්තිමත් බව කතෝලික පල්ලිය ප්‍රකාශ කර තිබෙනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොළඹ අගරදගුරු පදවියේ...

POPULAR ARTICLES