බලශක්ති අමාත්‍යාංශය විසින් තම මණ්ඩලයට ඉන්ධන ලබා නොදුණහොත් අද (07) දිනයේ සිට විවිධ ප්‍රදේශවල විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව, ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.
ඒ අනුව එම මණ්ඩලය සඳහන් කරන්නේ සවස 6 ත් රාත්‍රී 9 ත් අතර කාලයේ පැයක පමණ විදුලිය කප්පාදුවක් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවිය හැකි බවයි.
ඒ අනුව මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසකින් විදුලිය බිදවැටීම් වාර්තා වනවා.
විදුලිබල මණ්ඩලයෙන් ගෙවීම් නොකිරීම හේතුවෙන් පසුගිය 23 වැනිදා සිට මේ දක්වා ඛනිජ තෙල් සංස්ථාවෙන් විදුලි බල මණ්ඩලය වෙත තෙල් ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරන්නේ මෙලෙස ඉන්ධන ලබාදීම නවතා දැමුවහොත් සපුගස්කන්ද සහ කොළඹ වරායේ පිහිටි බාජ් බලාගාරයෙන් විදුලිය උත්පාදනය කිරීමට නොහැකි වනු ඇති බවයි.
මේ වන විට බාජ් බලාගාරයෙන් මොගාවොට් 60 ක් සහ සපුගස්කන්ද බලාගාරයෙන් මෙගාවොට් 102 ක් ජාතික විදුලිබල පද්ධතියට එක්කෙරෙනවා.
කෙසේවෙතත් විදුලිබල උත්පාදනය වැනි සාමාන්‍ය ජනතාවට අත්‍යාවශ්‍ය සේවාවක් සඳහා ඉන්ධන ලබදීමට මුදල් නොමැති උවත් අසූචි බවට දෙවරක්ම තහවුරු වූ චීන පොහොර නැවකට මෙරට සාමාන්‍ය ජනතාවගේ බදු මුදලින් ඩොලර් මිලියන 6.9 ක් මුදලක් අද චීන සමාගමට ගෙවීමට මෙරට රජය ක්‍රියා කළා.