31 C
Colombo
Wednesday, April 23, 2025

දළදා ප්‍රදර්ශනේට යනවනම් මේ ගැන දැනගෙන යන්න

- Advertisement -

සිරි දළදා ප්‍රදර්ශනය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා එම කණ්ඩායම් පැමිණෙන වාහන හඳුනා ගැනීමට හැකිවන පරිදි ස්ටිකරයක් හඳුන්වාදීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

සිරි දළදා දැක්ම සඳහා විශාල බැතිමතුන් ප්‍රමාණයක් පැමිණෙතැයි පොලීසිය අපේක්ෂා කරන බැවින් බැතිමතුන්ගේ වාහන පහසුවෙන් හඳුනාගෙන රථගාල් වෙත යොමු කිරීම සඳහා සහ බැතිමතුන් හට අවහිරයකින් තොරව වන්දනා කර ගැනීමට හැකිවන පරිදි ඉඩ ප්‍රස්තාව සැලසීම මෙන්ම පැමිණෙන සංඛ්‍යාව ගණනය කිරීම සඳහා මෙම ස්ටිකරය හඳුනාවා දීමට පොලීසිය කටයුතු කර තිබෙන බවයි පැවසෙන්නේ.

ඒ අනුව සෑම පොලිස් වසමකම පිහිටුවා ඇති මහජන ආරක්ෂක කමිටු සම්බන්ධීකරණය කර දළදා වන්දනාව සඳහා පිටත්ව යන වාහන වෙත මෙම ස්ටිකරය නිකුත් කර ලෙස පොලිස් මූලස්ථානය මගින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව දිවයින පුරා පොලිස් වසම්වලින් දළදා දැක්ම වන්දනාව සඳහා කණ්ඩායම් වශයෙන් වාහන හා බැතිමතුන් කොපමණ සංඛ්‍යාවක් පැමිණෙන්නේද යන්න පිළිබඳව පූර්ව තොරතුරු ලබාගෙන එම එක් වාහනයකට එක් ස්ටිකරය බැගින් අදාළ පොලිස් ස්ථානාධිපතිවරයාගේ අත්සන හා නිල මුද්‍රාව සහිතව නිකුත් කිරීමට මේ වන විට කටයුතු යොදා තිබෙන බව පැවසෙනවා.

වන්දනා කණ්ඩායම් පැමිණෙන රථයේ ඉදිරි වාමුවාවේ වම්පස ඉහළ කෙළවරේ පිටතට හොඳින් පෙනන අයුරින් හා රියදුරු දර්ශනයට අවහිරයක් නොවන සේ මෙම ස්ටිකරය අලවාගෙන පැමිණෙන ලෙස බැතිමතුන් කණ්ඩායම් භාරව පැමිණෙන අය වෙතින් පොලීසිය ඉල්ලීමක්ද කරසිටිනවා.

කෙසේ නමුත් මෙම ස්ටිකරය වන්දනා කටයුතු පහසුවීම හා වාහන පහසුවෙන් හඳුනා ගැනීම සඳහා හඳුන්වා දී ඇති බවත් වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන් රැගත් වාහනවල මෙම ස්ටිකරය ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය නොවන බවත් පැවසූ පොලීසිය සඳහන් කර ඇත්තේ ස්ටිකරය නොමැති වුවද බැතිමතුන් වෙත ශ්‍රී දළදා වන්දනාව සඳහා පැමිණීමේ හැකියාව ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

මහා පරිමාණ දූෂණ සිද්ධි 300ක් ගැන විමර්ශන

මහා පරිමාණ දූෂණ හා වංචා සම්බන්ධ පැමිණිලි 300ක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසනවා.  එහි අධ්‍යක්ෂ ජෙනරල් හිටපු...

අල්ලස් ගන්න ගිය ලංගමේ දෙදෙනෙක් අත්අඩංගුවට

අල්ලස් චෝදනාවකට ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන් දෙදෙනෙක් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් නැගෙනහිර පළාත් ප්‍රාදේශීය...

ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයට තිදෙනෙක් අත්අඩංගුවට

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය...

POPULAR ARTICLES